මේ වන විට කොළඹට හතරවටින්ම දැවැන්ත ජනතාවක් කොළඹ වෙත ලගා වෙමින් තිබේ. මේ වන විට ජනාධිපති මන්ධිරය තුලට විරෝධතාකරුවන් ඇතුළු වී ඇති බවද වාර්තා වෙයි. කෙසේ වෙතත් පොලිසිය අහසට වෙඩි තැබීමක්ද සිදුකර තිබේ.
චැතම් වීදියේදී පොලිසිය කල වෙඩි තැබීමෙන් එක් අයෙකුට වෙඩි වැදී තිබෙන බවද, 19 දෙනෙකුට තුවලා සිදුව තිබෙන බවද වාර්තා වේ. කෙසේ නමුත් මේ පිලිබදව තවමත් අප වෙත තොරතුරු ලැබෙමින් පවතී. සමහර තොරතුරු තහවුරු කර නොමැත.