පොලිසියේ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කරයි.

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහි ව ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව විසින් අද (08) පස්වරුවේ කොළඹ කොටුව බල ප්‍රදේශයේ පැවැත්වීමට සැලසුම් කර ඇති උද්ඝෝෂණය සහ පාගමන වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන්නැ යි ඉල්ලා පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

එහි දී මහේස්ත්‍රාත් තිලිණ ගමගේ සදහන් කර තිබෙන්නේ ජනතාවට සාමකාමීව උද්ඝෝෂණ සහ පා ගමන්වල නිරත වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අයිතියක් ලබා දී ඇති බව යි. එහෙත් යම් පාර්ශවයක් කලහකාරිව හැසිරුණහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට පොලීසියට බලය පවතින බවද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version