පොලීසියේ හිටියත් පුරුද්ද නෑරේ.

නීතිය ආරක්ෂා කලත් ජන්මෙන් ආ පුරුද්ද ඉස්මතුවී නීතිය පසක තැබූ අවස්ථාවක් කන්තලේ, භාතිය ගම ප්‍රදේශයෙන් වාර්තාවේ.

 ඒ එම ප්‍රදේශයේ ගම්වාසියකුගේ ගෙවත්තක බැඳ දමා සිටි රුපියල් එක් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා එළ ගවයකු  සොරාගෙන ගොස් මස් පිණිස විකුණූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු පිළිබදව යි.

ඒ අනුව එම කොස්තාපල් වරයා සහ එම සොරකම සදහා සහයවූ තවත් පුද්ගලයෙකු කන්තලේ මූලස්ථාන පොලීසියේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මේ හරක් හොරකමට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්තලේ මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු සහ කන්තලේ ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයකු වේ.

ගවයාගේ අයිතිකරු විසින් මෙම ගවයා පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තිදෙනෙකු විසින් සොරකම් කොට ඇති බව පවසමින්  කන්තලේ මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇති බවයි සදහන් වන්නේ.

Exit mobile version