පොලිසියේ DIG ගේ දුෂිත සෙල්ලමක්!. පොලිස් පොඩ්ඩන්ගේ දුෂණ විතරද පෙනෙන්නේ?.

අපගේ වාර්තාවල බහුතරයක්ම අඩංගුවන්නේ ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතනවල දුෂණ ය පිළිබඳවයි. එම ලිපිවලින් අප ඉලක්කරනුයේ නව පරපුරක් බිහිකිරීම විනා, එම නිලධාරීන් සමග කිසිදු අමනාපයක් ඇති කර ගැනීම නොවේ. නමුත් ස්වාභාවිකවම එම අමනාපය සිදු වේ. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සක්‍රීය සේවයේ අති බහුතරයක් ජේ්‍යෂ්ඨ නිලධාරීන් ප්‍රකෝටිපතියන් ය. ඔවුන්ගේ දුෂණ ක්‍රියාකාරකම් ප්‍රසිද්ධ වන්නේ ඔවුන් විශ්‍රාම ගියාට පසුවය. ඉන් කියවෙන්නේ ඔවුන් සක්‍රීය සේවයේ යෙදී සිටියදී සිදුකරන වැරදි වලට එරෙහිව කටයුතු කිරීමට, පොලිස්පතිවරු හෝ පවතින රජයන් කටයුතු කර නැති බවයි.

එවන් පසුබිමක් තුල ශ්‍රී ලංකාවේ හොරු ඇල්ලීමට සිටි FCID ප්‍රධානී රවී වෛද්‍යාලංකාර සියල්ලන්ටම වඩා ලෝක හොරෙක් බවත්, FCIDයට ඉදිරිපත් කරන පැමිණිලි සියතට ගෙන වෛද්‍යාලංකාර වෙනම ගේමක් ගැසූ බවත් වසන්ත සමරසිංහ මහතා පෙන්වා දෙයි. ඒ චමුදිත සමරවික්‍රම මහතා සමග කල සාකච්ඡාවකදීය.

කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුවෙන් නාමල් සහ ක්‍රිස් සමාගම බේරීම සඳහා රවී වෛද්‍යාලංකාර අල්ලස් ගත් බවත්, ක්‍රිෂ් එකට විරුද්ධව පැමිණිල්ල මෙහෙයවපු රවි වෛද්‍යාලංකාර මේ වන විට ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස පඩිය ලක්ෂ 14ක් ගන්නා බවත් ඔහු පෙන්වා දෙයි. සම්පුර්ණ කතාව පහලින් අහන්න

Exit mobile version