පොලිසිය මාධ්‍යවේදයට නීතිවිරෝදීව අත තියයි!. මාධ්‍ය යනු මහජන ආරක්ෂාවේ මුදුන් මල්කඩයි!. අධිකරණය නොමග යැව්වාද?

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ජාතික සංවිධායක, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සාමාජික, කොළඹ ක්‍රියාකාරී කමිටුව නම් සංවිධානයේ ලේකම්වරයාද වන ජනමාධ්‍යවේදී ශාන්ත විජේසූරියගේ නිවසේ තිබූ, උද්ඝෝෂණ ව්‍යපාරකට අදාළ අත්පත්‍රිකා තොගයක් කැස්බෑව පොලිසිය මගින් රැගෙනගොස් තිබේ.

කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් යටතේ මඩපාත පිහිටි සිය නිවසට පැමිණි පොලිසිය ඊයේ පස්වරුවේ මෙම අත්පත්‍රිකා තොගය රැගෙන ගිය බව ශාන්ත විජේසූරිය පවසයි.

මෙලෙස රැගෙන ගොස් ඇත්තේ”යුක්තියේ මෙහෙයුම’ නමින් පීඩිත තරුණයන් ඇතුළු මහජනයාට එරෙහිව මුදා හැර ඇති රාජ්‍ය භීෂණය පරාජය කරනු” මැයෙන් ලබන 27 වැනිදා කැස්බෑව නගරයේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා යොදාගැනීමට නියමිතව තිබූ අත්පත්‍රිකා බව ද ඔහු සඳහන් කරයි.

අත්පත්‍රිකා 500කට ආසන්න සංඛ්‍යාවකට අමතරව පෝස්ටර් හා උද්ඝෝෂණ පුවරු දුසිම් ගණනාවක් ද රැගෙන ගිය බව කොළඹ ක්‍රියාකාරී කමිටුව පවසයි.

ඉහත අත්පත්ත්‍රිකාව පිළියන්දල බස් නැවතුම් පොළේ සිටි මහජනයා අතර ඊයේ පෙරවරුවේ බෙදාහරිමින් සිටියදී පිළියන්දල පොලිසිය මගින් පිටදුව ගමගේ පුණ්‍යවර්ධන නම් සාමාජිකයාව අත්අඩංගුව ගෙන පසුව සිය බලපෑම මත හැරි බව ද කොළඔ ක්‍රියාකාරි කමිටුව කියයි.

පොලිසියේ සහ ආණ්ඩුවේ ද මෙම ක්‍රියාකලාපය පීඩිත මහජනයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එල්ල කළ ප්‍රහාරයක් බවත් එහි අරමුණ වී ඇත්තේ දේශපාලන විසම්මුතිය මැඩීම සඳහා තැතිගැන්වීම් හා තාඩන පීඩන සිදුකිරීම බවට ද එම කමිටුව චෝදනා කරයි.

පොලිසිය සහ ආණ්ඩුව උත්සහ දරන්නේ මෙම පත්‍රිකා මහජනයා අතට පත්වීම වැළැක්වීමට සහ 27 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ වැළැක්වීමට බව ද කොළඔ ක්‍රියාකාරි කමිටුව වැඩිදුරටත් චෝදනා කරයි. (Ceylonwire)

කෙසේ වෙතත් උද්ඝෝෂණ පැවත්වීම, පත්‍රිකා බෙදීම , ආදි සියල්ලම මිනිස් අයිතිවාසිකමක් වන අතර, කුමන අයුරින් හෝ පවතින තත්වයන් පිළිබදව ජනතාව දැනුවත් කිරීමත් මාද්‍යවේදීන්ගේ රැකියාවේ කොටසකි.

කෙසේ වූවත් මේ සියලු දේ සිදුවන්නේ ජනතාවගේ පිඩාව හමුවේය. එම පීඩනයට නීතිවිරොදී ලෙස පිළිතුරු දීමට යාම තවත් ගැටලු ගණනාවක ආරම්භයකි. අත්පත්‍රිකා බෙදීමද ජනතාව දැනුවත් කරන මාද්‍යයේම කොටසකි. කෙසේ වෙතත් මෙහිදී අධිකරණය නොමග යවා නියෝග ලබාගෙන තිබිය හැකි අතර පොලිසිය බොහෝ විට සිදුකරන්නේ එලෙසය.

Exit mobile version