පොලීසිය මැකූ වෙඩි පහර මානව හිමිකම් කොමිෂමෙන් මතු වෙයි!. වෙඩි තැබු පොලීසියට එරෙහිව පොලීසියෙන් පරීක්ෂණ නැතිද ?

මත්ද්‍රවයවලට ඇබ්බැහි වූ තරුණයෙකු පුනරුත්ථාපනය කරදෙන ලෙස ඉල්ලා දෙමාපියන් විසින් පොලීසියට දැනුම්දී  අලුයම 4.30 ට පමණ නිවසට පැමිණ පොලීසියෙන් බාරගත් තරුණයෙකුට අමානුෂික ලෙස පහරදුන් පුවතක් වාර්තා වන්නේ 2020 දි වේයන්ගොඩ පොලිස් වසමේදීය. එම තරුණයා නිවසින් බාරගන්නේ වේයන්ගොඩ පොලීසිය විසිනි.

පොලීසිය විසින් බාරගත් මෙම තරුණයාට වේයන්ගොඩ පොලීසිය තුලදී අමානුෂික ලෙස පහර දී තිබේ. පහරකෑම් දරාගත නොහැකි වූ මෙම තරුණයා පොලිස් සිර මැදිරියෙන් පලා යන්නේ අසල තිබු යතුරු පැදියකිනි. එහිදී වේයන්ගොඩ පොලීසිය මෙම තරුණයාට වෙඩි තබා තිබෙන නමුත් වාසනාවකට වෙඩි වැදී නැත. පලාගිය එම තරුණයා නිවසක සැගවී සිටියදී දින දෙකකට පසුව අත් අඩංගුවට ගෙන තිබෙන අතර එහිදීද එම නිවසට වෙඩි තැබීමට මෙම පොලීසිය කටයුතු කර තිබේ. එහිදීද මෙම තරුණයාට වෙඩි වැදී නැති අතර එහිදී ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ. නැවතත් පහර දි යතුරු පැදිය රැගෙන පළා යාමට එරෙහිව ඔහුට නඩු පවරා තිබේ.

මෙම සිදුවීම සිදුවන විට ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් ඔහුගේ ගම තුලින්වත් වාර්තා වී නොතිබූ පසු බිමක මෙසේ අධිකරණයට ඉදිරිපත් කරනුයේ පොලීසියේ පහර කෑම් දරාගැනීමට නොහැකිව පොලීසියෙන් බේරී පලායාමට යතුරු පැදියක් භාවිතා කිරීම නිසාය.

මෙම සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට පැමිණිලිකර තිබියදී අවුරුදු තුනකට පසු එහි පරීක්ෂණ ආරම්භ කර තිබේ. එහි පරීක්ෂණ ආරම්භකරන විට මෙම තරුණයාට සිදුවිය යුතු සියල්ලම සිදු වී අවසන්ය. එහි පැමිණිලි අංකය වන්නේ HRC/905/20 යි.

මේ වන විට එම තරුණයාට වෙනත් කුඩා ප්‍රමාණයේ හොරකම් පිළිබඳව නඩු කිහිපයක් තිබෙන බව නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පැමිණිල්ල තුල අසරණ දෙමාපියන්ට පමණක් නොව රටට යහපත් දරුවෙක් අහිමිකර තිබේ. මෙම තරුණයා කුඩුවලට ඇබ්බැහිව ඔහු යහපත් පුරවැසියෙකු කරදෙන ලෙස ඉල්ලා පොලීසියට බාරදීමෙන් අනතුරුව පොලීසිය විසින්ම ඔහුව අපරාධකරුවෙක් බවට නිර්මාණය කරමින් සමාජයට දායාද කර තිබේ.

මේ සිදුවීම් මෙසේ සිදුවෙමින් මෙම තරුණයා අපරාධකරුවෙක් බවට පොලීසිය විසින්ම පත්කර තිබියදී මානව හිමිකම් කොමිෂමේ විමර්ශන නැවත වරක් හෙට කැඳවා තිබේ. එසේ කැඳවා තිබියදී මෙම තරුණයාගේ මවගෙන් බලහත්කාරයෙන් යම් ලිපි කිහිපයකටද අත්සන් කරගෙන තිබේ. ඒ හෙට මානව හිමිකම් කොමිෂමෙන් පවතින නඩුවට පොලීසියට වාසි සහගත තත්වයක් ලබා ගැනීම වෙනුවෙන් මෙසේ ලිපිවලට පොලීසිය මගින් අත්සන් කරගෙන තිබේ.  

එහිදී මෙම තරුණයාගේ මවට සහ පියාට පොලීසිය විසින් පවසා තිබෙන්නේ මේ වන විට තරුණයාට පවතින නඩු අධිකරණවලදී ෂේප් කරදීමට කටයුතු කර දෙන බවට පොරොන්දු වෙමින් බවට අවශ්‍ය හඬපට අප වෙත ලැබී තිබේ. එසේම අදාළ පියා මෙම සිද්ධිය යටපත්කිරීමට දැඩි වෙහෙසක් ගන්නේ ද එම පියාගේ පාර්ශ්වයේ ඥාතියෙකු කුඩු ව්‍යාපාරිකයෙකු බැවින් බවද නිල නොලත් ආරංචිමාර්ග පෙන්වා දෙයි.

එසේම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට සේවය කරනා යම් නිලධාරියෙක් (0714443175 ජංගම දුරකථනය හිමි නිලධාරියා) මෙම පැමිණිල්ලේ වින්ඳිතයන්ට හානියක් වන ලෙස කටයුතු කරන බවට  සැක  කළහැකි හඬපට කිහිපයක්ද අපට ලැබී තිබේ. ඒවායෙහි අඩංගු වන සන්වාද වලට අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට සේවය කරනා පුද්ගලයන් පිළිබඳව අපටද ඇත්තේ කනගාටුදායක දුක්ඛිත තත්ත්වයකි.

ඒ කෙසේ වෙතත් අපරාධකරුවෙක් නොවූ තරුණයෙක් කුඩු බීමෙන් මුදවා දෙන ලෙස ඉල්ලා පොලීසියට බාරදීමෙන් පසු ඔහුට අමානුෂික පහර දි අපරාධකරුවෙක් බවට පත්කළ  වගකිව යුතු පොලිස් නිලධාරීන්ට දැඩි දඬුවම් ලැබිය යුතුය. දිය යුතු දඬුවම් ලබා නොදී ඔහුව බේරාගැනීමට යම් නිලධාරියෙක් කටයුතු කරන්නේ නම්  ඔහුටද දැඩි දඬුවම් ලැබිය යුතුමය. ඒ අනුව වැරදි කල පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටීම යනු අපරාද කල පොලිස් නිලධාරීන්ට තව තවත් අපරාධ කිරීමට දිරිමත් කිරීමකි.        

Exit mobile version