පොලිසිය ලහිරුගේ බෙල්ල මිරිකලා.


ශ්‍රී ලංකා පොලිසියේ සමහර නිලධාරීන්ගේ නීතිවිරෝදී ක්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලංකා පොලිසියේ සහ නීතිවිරෝදී පාතාල කණ්ඩායම් අතර වෙනසක් නැතිබව අප මීට පෙර වාර්තා කරන ලදී. අප එම ලිපිය විද්‍යාත්මකව පහදා දී තිබේ. නමුත් ශ්‍රී ලංකාවේ පොලිපතිට තම ආයතනය ආරක්ෂා කිරීමට අවශ්‍ය සංජානමය ශක්තිය නැති බව පැහැදිලිය.


එම පොලිසිය විසින් ඊයේ (09) අත් අඩංගුවට ගනු ලැබූ ශිෂ්‍ය ක්‍රියාකාරී ලහිරු වීරසේකරව අත් අඩංගුවට ගෙන තිබුණි. එහිදී එම පොලිස් නිලධාරීන් ලහිරුගේ බෙල්ල මිරිකා තිබේ. එම බෙල්ල මිරිකීම නිසා ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.


ළහිරු වීරසේකර අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිස් නිළධාරීන් විසින් ඔහුට තර්ජනය කර ගෙල ප්‍රදේශය සිර කර ඇති බව ඔහුගේ නීතිඥවරු පවසා තිබිණි. ”මරනවානම් මරණ හැටිත් අපි දන්නවා” යනුවෙන් පොලිස් නිළධාරීන් ප්‍රකාශ කර ඇතැයි ද නීතිඥ අමිල එගොඩමහවත්ත ප්‍රකාශ කර තිබේ.


පොලිසිය එසේ ඔහුගේ බෙල්ල මිරිකීම හේතුවෙන් අද (10) අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රෝහල් ගත කර තිබේ.


කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලට පැමිණි මාලිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත්වරිය ඔහුට රුපියල් ලක්ෂ දෙකක ඇප මත මුදා හැර තිබේ.

Exit mobile version