.
අපට අද උදැසන ලැබුණු පණිවිඩය අනුව, දහවල් වන විට ලිපියක් කරන ලදී. එහි නම වුයේ “පොලීසිය තවමත් පාඩම් ඉගෙන නැතිද?. මයිනා ගෝ ගම තරුණයන් කුපිත කරවන්නේ ඇයි?” යන්නයි.( සම්පූර්ණ ලිපිය අවසානයේ)
අප එහි සදහන් කල අයුරින්ම තරුණයන් කුපිත නොවුවත් ගෝඨා ගෝ ගම තරුණයන් පා ගමනින් මයිනා ගෝ ගමට පැමිණියේ, අද උදෑසන පොලිසියෙන් කඩා ඉවත්කරන ලද අට්ටාල එකට දෙකක් අරගෙනය.
එම ලිපියේ අප ඉතාම පැහැදිලිවම සදහන් කර තිබෙන, පොලිසිය ඇතුළු සියලු ආරක්ෂක අංශ හදුනාගෙන නොමැති “ අරගලයේ හැඩය” නිසි ලෙස හදුනා නැති බව නැවත වරක් මෙම සිද්දියෙන් ඔප්පු වේ.
අපට ලැබෙන නිශ්චිත තොරතුරු අනුව, මේ අරගලයේ හැඩය වෙනස් වෙන්නේ ආරක්ෂක අංශ සහ රජය මෙන්ම විවිධ කඩාකප්පල්කාරී කණ්ඩායම් සිදු කරනු ලබන කටයුතු වලට අනුවය. එසේම අරගලය අවසන් වන්නේ තිබෙන ප්‍රශ්න වලට නියම පිළිතුරු ලැබුණු පසුවය. එය තවමත් ආරක්ෂක අංශ හෝ දේශපාලන අධිකාරිය හදුනාගෙන නැත. එසේම ශ්‍රී ලංකාව ලෝකය සමග සබඳකම් තිබෙන රාජ්‍යයකි. පොලිස් ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශ නිලධාරීන් දැක තිබෙන 1983, හෝ 1988/89 ආදී කාලවල් වලට වඩා වර්තමානය දැවැන්ත වෙනසකට ලක්ව තිබේ. උසස් ආරක්ෂක අංශ නිලධාරීන් ඒ වෙනස ඉතාම ඉකමනින් හදුනා ගත යුතුය.
අරගලයේ දිග, පළල, හැඩය, පාට මෙන්ම එහි ගැඹුර තවමත් හදුනාගෙන නැති වීමේ බරපතල හානියෙන් සිදුවන්නේ තව තවත් ජීවිත අහිමි වීම වියහැකිය. එසේම ආරක්ෂක අංශ මෙන්ම අනෙකුත් උසස් රාජ්‍ය නිලධාරීන්ගේද ජීවිතවලට යම් යම් තර්ජන සිදුවීමට පෙර, නීතිය, ඉතිහාසය, ජනතාව වෙනස් වන ආකාරය, ඒවාට හේතු ආදිය දෙස සමාජවිද්‍යාත්මක දර්ශනයන් ඔස්සේ අධ්‍යනය කිරීම සහ තීරණ ගැනීම නොකළහොත් සහ පිළිතුරු නොදුනහොත් මෙම අරගල දිගින් දිගටම පවතිනු ඇත.