තමන් වහන්සේ ඝාතනය කිරීම සඳහා යුද හමුදා බුද්ධි අංශ භටයින් දෙදෙනෙකු යොදවා තිබූ බවත්, ඉන් එක් සැකරුවෙකු මිහින්තලා පුදබිමේදී පොලිස් අත්අඩංගුවට පත්වූ බවත්, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ ප්‍රකාශ කලේ මීට දින කිහිපයකට පෙරය.
එම ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කර තිබුනේ, උන් වහන්සේ ප්‍රකාශ කල පුද්ගලයා යුද හමුදා නිලධාරියෙක් බවට හඳුනාගත් බවයි.
කෙසේ නමුත් කරන ලද පරීක්ෂණවලදී, මිහින්තලේ හිමි ප්‍රකාශ කරන අන්දමේ කිසිවක් වාර්තා වී නැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර තිබේ.