පොලීසිය තවමත් පාඩම් ඉගෙන නැතිද?. මයිනා ගෝ ගම තරුණයන් කුපිත කරවන්නේ ඇයි? (වීඩියෝ)

පවතින දැඩි ආර්ථික ගැටලුවට විසදුම් නොලැබීම හේතුවෙන් විසදුම් ඉල්ලා මිරිහාන ජනාධිපති නිල නිවස ඉදිරිපිටට ගිය ජනතාවට ශ්‍රී ලංකා පොලිසියෙන් ලැබුනේ දැවැන්ත ගුටි පූජාවකි. එපමණක්ද නොව මාරාන්තික ප්‍රහාරයන්වලට ගොදුරු වූ සාමාන්‍ය ජනතාව මෙන්ම සමහට මාධ්‍යවේදින්ද තවමත් පීඩා විදිමින් සිටි. එම ප්‍රහාරයෙන් පසු රජයට එරෙහිව ආරම්භ උද්ඝෝෂණ මේ වන විට හර්තාල් දක්වා වර්ධනය වෙමින් තිබේ.

ඒ අතර මිරිහානේ සිද්දියෙන් සිදු වූ අපකීර්තිය යටපත් කරගනිමින් ජනතාවට සමීප වන්නට පොලීසිය කටයුතු කල අතර ශ්‍රී ලංකා පොලිසියට දැවැන්ත කීර්තියක් ඇති කරගැනීමටද උද්ඝෝෂණ පාරාවල්ලක් බවට පත් වෙමින් එම කීර්තිය ලබා ගැනීමට ඔවුන්ට හැකි විය.

ඒ අතර එම සියල්ලම එක් මොහොතකින් නැති කරගනිමින් රඹුක්කනදී සිදු කල  වෙඩි තැබීමෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තව දුරටත් පිරිහීමට ලක් වුවත්, එය යම් තාක් දුරට පොලිසියෙන් ගැල වී යාමට හැකි වුයේ දේශපාලන බලවතුන් කිහිපදෙනෙකුගේ නම් කියවීමත් සමගය. ඒ සමගම එය ආණ්ඩුවේ ගිණුමට බර විය.

ඒ සියලුම සිද්දීන් සමග පසුගිය දිනවල ගෝඨා ගෝ ගම තරුණයන් කුපිත කරවීමට සැලැස්වීමට ජනාධිපති ලේඛම් කාර්යාලය තුල සේවයේ නියුතු ආරක්ෂක නිලධාරීන් කටයුතු කරන වීඩියෝ කිහිපයක්ද සමාජ මාධ්‍ය ජාල තුල මෙන්ම ප්‍රධාන නාලිකා වල පුවත් වලටද පෙන්වන ලදී. එම වීඩියෝ වලට අනුව අරගල භුමියේ ප්‍රදර්ශන බැනර් ආරක්ෂක නිලදාරීන් හොරෙන් කඩාගෙන යන අතර කලබලයට පත් වන තරුණ පරපුර ඒ දෙස අවධානය ගැනීමත් සමගම විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් ඉදිරියට පැමිණෙන බැව් දර්ශනය විය.

ඒ අතර අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබෙන “මයිනා ගෝ” ගම තරුණ පරපුර සමග පැටලීමට පොලීසිය දිගින් දිගටම කටයුතු කරන අතර අද උදෑසනද එයම සිදු විය. මේ වන විට එම තරුණ පිරිස ප්‍රධාන මාර්ගය අවහිර වන සේ තම උද්ඝෝෂණය කරමින් සිටි. ජනතාවට කිසිම කරදරයක් නොමැතිව සිදු කරගෙන ගිය සාමකාමී උද්ඝෝෂණය පැවැත්වෙන්නේ අගමැති, ජනාධිපතිට මෙන්ම රජයට විරුද්දවවයි. එම උද්ඝෝෂණ සර්ව සාදාරන නමුත් ජනතා චන්දයෙන්ම බලයට පත් වූ එම පුද්ගලයන් ඉවත් වන තෙක් හෝ ජනතාවම චන්දයකින් ඉවත් කරන තෙක් ඔවුන්ව අරක්ෂා කිරීමටද ආරක්ෂක අංශ බැදී සිටිති. එහෙත් ජනතා නැගී සිටීම් හමුවේ ආරක්ෂක අංශ වඩාත් පරිස්සම් විය යුත්තේ, ජනතාව සමාග් සෙල්ලම් කිරීමෙන් ඉදිරියේදී කුමක් සිදු වේවිද යන්න ගැන අවධානයක් තිබිය යුතු නිසාය. යම් යම් දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් පොලිස් නිලධාරීන් නීතිය අතට ගෙන වැරදි වැඩ කල හොත් මේ අවස්ථාවේ ඔවුන්ට ගැලවීමට ඉඩක් නොලැබෙන බව තේරුම් ගෙන කටයුතු කිරීම ඔවුන්ගේ වගකීම වේ.

යම් පොලිස් නිලධාරියෙකු වරදක් සිදු කල හොත් , එම වරද කල පුද්ගලයා සොයා ගැනීමට නොහැකි වුවත් විවිධ පරීක්ෂණ ඔස්සේ ඒ සියල්ලම සොයාගත හැකිය.

අරලියගහ මන්දිරය ඉදිරිපිට අරගලකරුවන් ඉවත් කිරීම සදහා අධිකරණය පවා නියෝග ලබා දී නොමැති අවස්ථාවක තව දුරටත් පරිස්සම් වීම ඔවුන්ගේ වගකීම වේ. කෙසේ වුවත් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 74 වන වගන්තිය යටතේ ගත හැකි ලෙස සහනයක් ලබා ගැනීමට පොලිසියට හැකියාවක් ලැබේ යයි විශ්වාස කල නොහකිය. මේ කටයුතු වලදී පොලිස් නිලධරීන්අරගල කරුවන්ට පීඩා කරන බවද පැහැදිලිවම දක්නට තිබේ.මෙහිදී අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 107 වගන්තිය ද පොලිසියට අදාළ කරගත හැකි වුවත්, ඉදිරියේදී මෙම සිද්ධිය මත මේ ස්ථානය කැරැල්ලක් දක්වා වර්ධනය වුවහොත් එම වගන්තියේ සහනද ඔවුන්ට අහිමි වනු ඇත.

මෙම ස්ථානයේ මෙසේ අරගල භූමියක් ඉදිවන්නේ අනත්ර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමනට එරෙහි වෙමින්, අධිකරණ නියෝග විකෘති කරමින් මාර්ග වසා දැමීම නිසාය. එදින පොලීසිය නීතිවිරෝදී ලෙස කටයුතු සිදු නොකළේ නම් මෙවැනි අකාරයෙන් “ මයිනා ගෝ ගමක්” එහි නිර්මනාය නොවේ.   

මේ අකාරයෙන් බලන විට ඉදිරියේදී මේ ස්තානය තුල යම් කඩාකප්පල්කාරී ක්‍රියා සිදු විය හැකි ලෙස පොලිසිය කටයුතු කර තිබේ. මීට දින කිහිපයකට පෙර තරුණයෙකුට පහර දීමක්ද සිදු විය.

ඒ අනුව මේ වන විට පොලිසිය තම බලය විවිධ අයුරින් භාවිතා කරමින් කටයුතු කර තිබෙන නමුත් අදාළ පොලිස් නිලධාරීන්ට විරුද්දව මේ වන විටත් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 101,102,108,109,112,යන වගන්තීන් වලින් ක්‍රියා කල හැකි වැරදි සිදු කර තිබේ. ඒ සදහා සාක්ෂි පැහැදිලිව තිබේ.

මෙම ක්‍රියාවලියේ වඩාත්ම වැදගත්ම ක්‍රියාව නම් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 113 (අ) වගන්තිය යටතේ කියවෙන කුමන්ත්‍රණයක් මේ සිදු වීද යන්න සොයා බැලීමයි. පොලිසිය මේ තරුණයන් නීතිවිරෝදී කටයුත්තක් සිදුකිරීම දක්වා  තම බලය භාවිතා කර තිබේ. මේ වන විට මෙම තරුණයන් ප්‍රධාන මාර්ගය අවහිර වන ලෙස උද්ඝෝෂණයේ යෙදෙන බව වාර්තා වේ. ප්‍රධාන මාර්ගය අවහිර වන සේ කටයුතු සිදුවන්නේ පොලිසිය නිසාය. එහිදී ජනතාවට එය පීඩාවක් බවට පත් වේ. ජනතාව පීදාවාට් පත් වන ලෙස කටයුතු කර තිබෙන්නේ අදාළ පොලිස් නිලධාරින්ය.

ජනතා පීඩාව තුලින් ජනතාව තව දුරටත් කැරලි ගැසීම සිදුකරන්නේ “රජාට” නොහොත් ජනාධිපතිටයි. රජාට විරුද්ධව තව දුරටත් කැරලි ගැසීම සහ විරුද්ධත්වය සිදුවන්නේ පොලිසියේ නීතිවිරෝදී වැඩ නිසාය. ඒ අනුව අදාළ පොලිස් නිලධාරීන්ට විරුද්ධව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 117 සහ 120 වැනි වගන්තීන් වලින්ද නඩු පැවරීම සිදු විය යුතුය.

දැන් මේ වන විට පොලීසය අත් පත් කරගෙන තිබෙන්නේ “ මහජනතාවට අයත් දේපළකි . එය බලෙන් අත් පත් කරගෙන තිබේ. එය ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 138 (04) වැනි වගන්තිය යටතේ කියවේ. ඒ අනුව එම පනතේම 139 වගන්තිය යටතේ නඩු පැවරීමට හැකිය. එසේම යම් කැරැල්ලක් ඉදිරියේදී ඇති වුවහොත් එම කැරැල්ල මෙම ස්ථානයේ ඇතිවන්නේ අදාළ පොලිස් නිලධාරීන්ගේ වරදිනි.

වර්තමානයේ කෙසේ වෙතත් දේශපලනය හිස මත තබාගෙන පොලීසිය නීතිවිරෝදී ලෙස කටයුතු කිරීමේ විපාකය ඔවුන්ට විදීමට සිදුවන්නේ රජයක් වෙනස් වීමෙන් අනතුරුවයි. නීතිවිරෝදී ක්‍රියාවන් සිදුකරන ඔවුන්ට විරුද්ධව නීතිය බලාත්ම වෙද්දී, ඔවුන්ගේ නිදහස් පාඨය වන්නේ “ අපි හරි දේ කරලයි මේ දුක් විදින්නේ “ යන්නයි. එහෙත් අප ඔබට අරාධනා කරන්නේ නම් නීති පොත, සහ ලෝක ඉතිහාසයේ වෙනස්වීම් සිදුව තිබෙන අකාරය පිළිබදව වඩාත් හොදින් අධ්‍යනය කරන ලෙසයි. ලංකාව පුරාම විසිරි සිටින පුද්ගලයන්ගෙන් හරි අඩක් පමණ කොළඹට පැමිණියහොත් පොලිසිය සහ හමුදාව කුමක් කරන්නද. ආරක්ෂක අංශ හදුනා නොගත් මේ අරගලය එවැනි අරගලයකි. එබැවින් ආරක්ෂක අංශ බුද්ධියෙන් කටයුතු කල යුතු බැව් අප අවධාරණය කරන්නෙමු.   මක් නිසාද යත් අපට ඔබ සියලුම දෙනාගේම අනාගතය පෙනෙන බැවිනි.

Exit mobile version