ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය, එහි නියෝජ්‍ය ලේකම් අසංක සුමේධ අමරසිංහ හා ප්‍රවීණ මාද්යවේදී චමුදිත සමරවික්‍රම සමග පැවති සාකච්චාවකදී සදහන් කලේ පොලිසිය සහ ලීසිං සමාගම් එක්ව නීතියට එරෙහිව වැඩ කරන බවයි.
2000 අංක 56 පනතේ වගන්ති අංක 27, 28 අනුව වාහන උස්සන්න බැ. සීසර්ලා කියල කවූරුත් නැ. පාරේ වාහන වල ඉන්න මිනිස්සු බලෙන් එලියට ඇදල දාල, මිනිසුන්ට ගහලා, තර්ජනය කරලා වාහන උස්සන්න සීසර්ලා කියාගන්නා අයට හෝ ලීසිං කම්පැනි වලට කිසිසේත්ම නීතිමය බලයක් නොමැති බවත් සීසර්ලා කියාගන්නා පුද්ගලයන් රැගෙන එන ලිපි නීතිමය පිළිගැනීමක් නැහැ.” ඔවුන් ප්‍රකාශ කරයි.
එසේ වාහනයක් ලීසිං කම්පැනි බාරයට ගත හැක්කේ අදාළ පනතේ 27 ඇ වගන්තියට අනුව දින 90ක් නොගෙවා සිටි අවස්තාවකදී ආයතනයේ වගකියයුතු නිලදාරියකු හා පොලිස් නිලදාරීන් 2ක් සමග හිමිකරුගේ නිවසට ගොස් ඔහුගේ කැමැත්ත පරිදි පමණි. හිමිකරු විරොදයක් දැක්වූ හොත් අධිකරණ නියෝගයකට අනුව ක්‍රියා කලයුතුය.
ලීසිං මාෆියා කරුවන් මෙම නීති අමු අමුවේ උල්ලංඝණය කරමින් මහජනතාව ඉතා දුක්කිත ලෙස අපහසුතාවයට ලක්කරමින් නීතිය හොදින් දන්නා, නීතිය රකිනා සමහර පොලිස් නිලධාරීන් ගේ සහය ඇතිව ජනතාවට නීතිය වීකුර්ති කොට පෙන්වා ජනතාව නොමග යවා කරණ වචාවක් බවත් ඔවුන් පෙන්වා දේ. සමහර වාහන හිමි කරුවන්ගේ පැමිණිලි සමහර පොලිසී බාර නොගැනීමෙන් මේ පිලිබදව සනාථ වේ.
වාහන හිමි කරුවෙකු හට වාරික නොගෙවා සිටිය හොත් වාහන හිමිකරුවෙකු ඔහුට වසර 2ක සිරදඩුවමක් පමණක් දියහැකි බවද ඔවුන් සදහන් කරයි.
පොලීසියට අදාල අනපනත් හරියට ක්‍රියාත්මක නොකිරීම නීතිය නොදැනීමද, නැතිනම් දැන දැනම සිත මතා රාජකාරිය පැහැර හැරීමද. එසේ නැති නම් පොලිස්පති තුමාගේ සිට නොදන්නවා වගේ සිටිනවා හෝ ඔහුන්ව පාලනය වනවාද? කියා දන්නේ ඔවුන්ම පමණි. කෙසේ වෙතත් කුලී සින්නක්කර ගිවිසුම් නීතියට අනුව මුදල් නොගෙවා සිටීමෙන් එම මුදල් හෝ වාහනය ලබා ගැනීමට සිවිල් නීතිය යටතේ දිසා අධිකරණයේ නඩු පැවරිය යුතු වේ. එසේම බලහත්කාරයෙන් තමන්ගේ වාහනය ඔවුන් රැගෙන ගියහොත් ඒ පිලිබදව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව එය විභාග කර අදාල පැහැරගත් පුද්ගලයන්ට එරෙහිව අපරාධ නඩු පැවරිය යුතුය. වාහනයක් ලීසිං හෝ ෆිනෑන්ස් කරගැනීමට පෙර ඒවායේ නීතිමය තත්වයන් හදුනා ගැනීම පාරිභෝගිකයාගේ වගකීම වේ.