පොසිල ඉන්ධන දරුවෙකුගෙන් ලංකාවේ මුහුදු තීරයට හානි

ප්ලාස්ටික් වැඩි වශයෙන් සාගරයට මුදාහරින රටවල් අතරින් 14 වැනි ස්ථානය ලංකාවට හිමිවී ඇතැයි අනාවරණය වේ.

වාර්තා වන ආකාරයට ලංකාවේ ගංගා, ඇළ දොළ ඔස්සේ මෙට්‍රික් ටොන් මිලියන 9700 ක ප්‍රමාණයක් මෙරට සාගර කලාපයට එකතුවී තිබේ.

පරිසර අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ සන්නිවේදන වැඩසටහනේ“ සමාරම්භක උත්සවයේදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

එම උත්සවය පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (08 වැනිදා) පෙරවරුවේදී පැවැත්විණි.

පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, දකුණු ආසියාතික පාරිසරික සහයෝගිතා වැඩසටහනේ (සකෙප්) අධ්‍යක්ෂ ජනරාල් රොකියා කාල්ටන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත් වූ අතර මෙහිදී පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ දේශගුණ විපර්යාසවල මූලික වගඋත්තරකරුවා වන්නේ පොසිල ඉන්ධන බවත්, ප්ලාස්ටික් යනු පොසිල ඉන්ධනවල දරුවෙක් බවය. මුහුදේ සිටින මත්ස්‍යයන් ප්‍රමාණයට වඩා ප්ලාස්ටික් ප්‍රමාණය ඉහළ යමින් පවතින බවයි.

Exit mobile version