පොහොට්ටුවට මුස්ලිම් ඡන්ද නැහැ – ශිරාස් යූනුස්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මුස්ලිම් කටයුතු ජාතික සම්බන්ධීකාරක වරයා වන ශිරාස් යූනුස් මහතා සමාජ මාධ්‍ය වැඩසටහනකට එක්ව ඇති අතර එහිදී ආණ්ඩුව පිළිබඳ කරුණු විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වී ඇත.

එහිදී ප්‍රධාන වශයෙන් සඳහන් වූ කරුණක් වන්නේ මේ වන විට ආණ්ඩුව කෙරෙහි මෙරට මුස්ලිම් ප්‍රජාවගේ ඇති විශ්වාසය සම්පූර්ණයෙන් නැතිවී ඇති බවයි.

නැවතත් ඡන්දයක් පැමිණියහොත් 98%ක් මුස්ලිම් ප්‍රජාව මෙම ආණ්ඩුවට පක්ෂව ඡන්දය ලබා නොදෙන බවයි ඔහු සඳහන් කළේ.

එමෙන් ම ඔහු පෙන්වා දුන්නේ මේ වන විට අග්‍රාමාත්‍යවරයාට ද කිසිදු බලතලයක් නොමැති අතර එතුමන් ද නාමික අගමැතිවරයෙක් ලෙස පමණක් පෙනී සිටින බවත් මෙම ආණ්ඩුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ලෙස පක්ෂ දෙකකට බෙදී සිටින බවත්ය.

ශිරාස් යූනුස් මහතා සෘජුවම සඳහන් කළේ ජනාධිපතිතුමා විසින් “බත් කවපු අත කපලා දාලා” වැනි දෙයක් මේ වන විට සිදුකර ඇති බවයි.

එපමණක් නොව මේ වන විට ඉස්ලාම් ජනතාවගේ එකම ප්‍රාර්ථනය මේ ආණ්ඩුව කවදා කඩා වැටේ ද යන්නයි.එයට හේතුවී ඇත්තේ ප්‍රධාන වශයෙන් මුස්ලිම් දේහය අදාහනය කිරීමට ගත් තීරණය සහ ඔවුන් බෙහෙවින් බලපාන ගව ඝාතනය තහනම් කිරිමට ගත් තීරණය යන කරුණු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳව ද අවධානය යොමු කරමින් ඔහු සඳහන් කළේ පාස්කු ප්‍රහාරය ඉත්තෙක් ලෙස යොදාගෙන මේ වන විට කටයුතු කරන බවත් ලෝක බලවතුන්ගේ අවශ්‍යතාවය ද මත මෙය සිදුවූ බවත්ය.

අදාළ සම්පූර්ණ වැඩ සටහන පහතින්,

Exit mobile version