කුණු ධම්මික නමින් ප්‍රසිධියට පත් ආත්මාර්ථකාමී මෙන්ම සමාජයට විරෝදී අකාරයෙන් මුදල් සොයා ගනිමින් කෝටිපතියෙක් වී බවට ප්‍රසිද්ධ ධම්මික පෙරේරා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතව තිබේ.
ඔහුගේ පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම්, විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලේ ඊයේය.
ඒ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට මැයි මාසයේ උද්ධමනය 45.3% ලෙස ඉහළගොස් ඇති අතර එම වාර්තාව අනුව වාර්ෂික ආහාර උද්ධමනය 58% සහ ආහාර නොවන උද්ධමනය 34.2% ලෙස ද දැක්වේ.