පොහොට්ටුවේ ප්‍රාදේශීය සභාපතිවරුන් ගේමට බසී. මහින්ද යන්නේ නම් ගෝඨාත් යා යුතුයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශීය සභාපතිවරු මෙන්ම නගර සභාපතිවරු අරලියගහ මැදුරට පැමිණ මහින්ද රාජපක්ෂ මහතා අගමැති දූරයෙන් ඉවත් නොවිය යුතු බවටත්, එසේ ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකළ යුතු බවට යෝජනාවක් සම්මතකර තිබෙන බවට flash news නමැති වෙබ් අඩවියක් අනාවරණය කරයි.

ඔවුන් සදහන් කර තිබෙන ආකාරයට ජනාධිපතිවරයා බලයට් පත් වුයේ මහින්ද රාජපක්ෂ මහතාගේ චන්ද පදනමින් බවත්, චන්ද පදනමක් නැති පුද්ගලයෙකුට අනතර්වාර ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා ඉඩ ලබා දිය යුතු නැති බවද ඔවුන් මෙහිදී අදහස් පලකල බව එම පුවතෙහි සදහන් වේ.

කෙසේ වුවත් මෙම පුවත අප විසින්ම සත්‍යාපනය කර නැති පුවතක් බව කාරුණිකව සලකන්න .

Exit mobile version