අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වීමෙන් පසු යමක් කරයි යන අදහසින් ජනතාව යම් සැහැල්ලුවක් ලබා ගනිමින් සිටියද, ඊයේ පාරිලිමේන්තුවේදී සිදු වූ සිදුවීම් නිසා නැවතත් ජනතා විරෝධතා වැඩි වෙමින් පවතින තත්වයක් පෙනෙන්නට් තිබේ.
එසේම ගාලු මුවදොර පහරදීමට අදාළ පුද්ගලයන් නිසි ලෙස අත් අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීමද ඒ අතරින් අළු යට ගිනි පුපුරු සේ මතුවෙමින් තිබේ.
ජනතාව එක හෙලාම ප්‍රකාශ කරන්නේ එම පරීක්ෂණ නිසි ලෙස සිදු නොවන නමුත් ඔවුන්ගේ වැරදි නිසා කුපිත වූ ජනතාව දඩයම් කිරීම පමණක් සිදු කරන බවයි.
රට ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවට ගිය ප්රමුඛ පෙලේ ජනතා නියෝජිතයන් ඊයේද ලක්ෂ ගනනක වියදම් කරමින් රටේ ප්‍රශ්න විසදීම වෙනුවට ඔවුන්ගේ පුද්ගලයන් බලයට ගෙන ඒමට කටයුතු කිරීමත්, මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීමත් පමණක් ඊයේ පැහැදිලිවම වාර්තා විය.
පාර්ලිමේන්තුවේවත් ප්රජාතන්ත්රවාදය සුරැකීමට නොහැකි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටින ශ්‍රී ලංකාවේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් යමක් නොකිරීමෙන් නැවතත් 225 එපා යන මාතෘකාව එපා වෙමින්, නිවෙමින් තිබු රටේ ඉන්ධන මෙන්ම අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල අධික ලෙස ඉහල යාම නිසා “ ගෝඨා ගෝ හෝම්” මාතෘකාව අලුත් වෙමින් පවතී.
ශ්‍රී ලංකා පොලිසියද තම අපරාධ පරීක්ෂණය නිසි ලෙස ඉටුකරමින් ජනතාව සන්සුන් කිරීමට කටයුතු කල යුතුව තිබුනත් ජනාධිපති හෝ පාර්ලිමේන්තුව හෝ ආරක්ෂක අංශ ඒ වෙනුවෙන් කිසිවක් කරන බවක් දක්නට නොලැබේ.