ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර කිසිදු එකඟතාවක් නොමැති බව ඇමැති ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේය.
මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව ජනමාධ්‍යවේදීන් හමුවේ ඔහු ප්‍රකාශ කළේ, අත්දැකීම් අඩු ජනාධිපතිවරයකු පත්කර රට යළි අමාරුවේ දැමිය නොහැකි බවයි.
“මම පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්. මා දන්නා තරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ධම්මික පෙරේරා සමඟ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමකට එළැඹ නැහැ” යනුවෙන් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත්,ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරඟ කරන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔහුට තවත් අවස්ථාවක් දිය යුතු බවත් ඔහු පැවසීය