ඇමැති ධූර බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සම්බන්ධීකරණ ලේකම් තනතුරු ඇතුළු විවිධ තනතුරු, වාහන සහ වෙනත් වරප්‍රසාද ලබාදීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ පවුලේ සාමාජිකයන්ට එවැනි තනතුරු සහ වාහන දැනටමත් පිරිනමා ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
අලුතින් ඇමැතිධුර ලබාදීම ප්‍රමාද වෙමින් තිබෙන තත්වය යටතේ එම මන්ත්‍රීවරුන් කිසියම් ආකාරයකට සැනසීම සහ ඔවුන් රජයට එරෙහිව කටයුතු කිරීම වැළැක්වීමේ අරමුණෙන් මෙම පියවර ගෙන ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙලෙස තනතුරු සහ විවිධ වරප්‍රසාද ලැබෙන බව පැවසෙන්නේ ඇමැතිධුර බලාපොරොත්තුවෙන් සිටින පොහොට්ටු මන්ත්‍රීවරයකුගේ පවුලේ එක් සාමාජිකයකුටය.
කෙසේ වෙතත් සමහර මන්ත්‍රීවරුන් ඇමැතිධුර මිස වෙනත් වරප්‍රසාද ලබාගැනීමට කැමැත්තක් නොදක්වන තත්වයක් පවතින බව දැනගන්නට ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තවත් දස දෙනකුට ඇමැතිධුර ලබා දෙන ලෙස එම පක්ෂය ජනාධිපතිවරයාගෙන් කලක් තිස්සේ ඉල්ලීම් කරමින් සිටී. එහෙත් රජය විවිධ හේතු ඉදිරිපත් කරමින් ඇමැතිධූර ලබාදීම ප්‍රමාද කිරීම හේතුවෙන් එම මන්ත්‍රීවරුන්ගෙන් ආණ්ඩුවට එරෙහිව විවිධ චෝදනා එල්ල වෙමින් පවතී. එසේම යම් යම් තීරණාත්මක පනත්වලදී ආණ්ඩුවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බවටද ඇතැමෙක් අනතුරු ඇඟවීම් කරති.
ලංකාදීප.