පොහොට්ටු මන්ත්‍රීවරුන් සජබෙට එන්න පොරකනවා – තිස්ස කියයි.

මේ වන විටත් වරින් වර ශ්‍රී ලංකාවේ අරාජිකත්වය පෙන්නුම් කරන්නේ රට වැටුණු තැනින් ගොඩනගන්න විද්‍යාත්මකව පිළිගත හැකි කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා බව අපගේ ගවේෂණයන් වලදී දක්නට නැත. එවැනි දර්ශනයක් ඉදිරිපත්ව තිබෙන බවක් කැබිනට් තීරණ වලදිවත් දක්නට නැත.

එවැනි පසුබිමක් තුල පුංචි චන්දයට සියල්ලම සූදානම් වෙමින් පවතී. මැතිවරණය පිලිබඳව ජනතාවගේ කිසිදු උනන්දුවක් දක්නට නැති වුවත් ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම විවිධ ගැට ගසමින් සිටී.

මේ අතර මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කලේ චන්දය කල් දැමීම සදහා  IMF උපදෙස් දුන්නේ නැති බවත් , විදුලි බිල වැඩිකරන කැබිනට් පත්‍රය සතියකින් කල් දාලා තියෙන්නේ මහජන විරෝධතාව යටපත් කිරීම සඳහා බවයි.

එසේම එහිදී ඔහු සදහන් කලේ ජවිපේ චන්ද්‍රිකා කුමාරතුංග එක්ක එකතු වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ 41 ගත්ත කල කිසිවක් නැති බවයි. පොහොටිටුවෙි පළාත් පාලන මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් සජබ සමග එකතුවෙන්න ඉල්ලුම් කරන බවද,  අලි පොහොටිටු හවුලකට බලේ දෙන්න මෙි රටෙි මිනිස්සු සුදානම්  නැතිබවද ඔහු වැඩි දුරටත් සඳහන් කරන ලදී.

සජබ හැටියට පලාත් පාලන ආයතන 340 ටම තරග කිරිමට තම පක්ෂය කටයුතු කරනා බවද ඔහු මෙහිදී වැඩි දුරටත් සඳහන් කරන ලදී,

Exit mobile version