ඊයේ (20) දිනයේ දී පොහොට්ටුවේ ලේකම්වරයෙක් විසින් භික්ෂූන් වහන්සේලාට අවවාදාත්මක ප්‍රකාශයක් සිදු කර ඇත.
ජාතික භික්ෂු සම්මේලනයේ සභාපති ලියන්වල ශාසන රතන හිමියන් විසින් අද (21) මහනුවර දී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් මෙම ලේකම්වරයා විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අනුශාසනයක් පවත්වන ලදී.
බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේ පාලකයන් මෙන්ම වගකිව යුතු නිලධාරීන් විසින් සිදු කරන ලද මෙවැනි ප්රකාශයන්ගෙන් බෞද්ධාගම හෑල්ලුවට ලක්වීමක් සිදු වනවා ද යන්න අප සැමට හැඟෙන කරුණකි.
කෙසේ නමුත් උන්වහන්සේ මෙහි දී පෙන්වා දෙන්නේ මේ රටේ වල් වැදී ඇති දේශපාලන සංස්කෘතිය තුළ සිටිමින් බෞද්ධ ස්වාමීන් වහන්සේලාට බෝධි පූජා පැවැත්විය යුත්තේ කෙසේද යන්නට උපදෙස් ලබා දීමට අවශ්‍ය නොවන බවයි.
බහුතර බෞද්ධ ප්‍රජාවක් සිටින රටක දේශපාලන පක්ෂයක ලේකම්වරයෙක් විසින් මෙවැනි ප්‍රකාශයන් සිදු කිරීම කෙතරම් අශිෂ්ට සම්පන්න කරුණක්ද.මේ සඳහා භික්ෂු සම්මේලනයේ සභාපති ලියන්වල ශාසන රතන හිමියන් විසින් මෙසේ පිළිතුරු ලබා දී ඇත.