මඩකලපුව, අම්පාර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට වී වගාව සඳහා අවශ්‍ය කරන යූරියා පොහොර තොග සම්පූර්ණ ප්‍රමාණයම එකවර නිකුත් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.
මේ වන විට දිවයිනේ පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන 566ක් සඳහා අවශ්‍ය පොහොර ලබා දීමේ කටයුතු සිදුකළ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ නැගෙනහිර පලාතේ දිස්ත්‍රික්ක 03 හැර අනෙකුත් දිස්ත්‍රික්ක සියල්ලටම දෙවන සහ තෙවන පොහොර මුර සඳහා අවශ්‍ය යූරියා සමඟ එම්.ඕ.පී.හෙවත් මඩපොහොර එකවර ලබාදීමට කටයුතු කරන බවයි.
මේ අතර අද (05) දිනයේ සිට මඩකලපුවේ පිහිටි ලංකා පොහොර ගබඩාවෙන් යූරියා පොහොර නිකුත් කිරීම ද සිදු කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කරයි.