ඉකුත් කාල වකවානුව තුළ පොහොර බෙදාහැරීම පිළිබඳව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ දත්ත 96% ක් වැරදි බවට සමීක්ෂණවලින් හෙළි වී ඇත.
කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර බෙදා හැරීමේදී ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති දත්ත පදනම් කරගනිමින් කරන ලද නියැදි පරීක්ෂාවකදී මෙම තොරතුරු අනාවරණය වී ඇති බවය.
ඊයේ දිනයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට දැනුම් දී ඇත්තේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය විසින් අදාළ සමීක්ෂණය සිදුකර ඇති අතර එහි වාර්තාව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවයි.
එම වාර්තාව පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවීන්ට වසර 02ක් පමණ ගතවනතුරු වගාවලට පොහොර භාවිත කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.