පොළොන්නරුව වටදාගෙය බිදින්න හැදුවේ පොලීසිය බවට සැකයක්. (වීඩියෝ)

ඓතිහාසික වටිනාකමක් ඇති සංචාරක ආකර්ශනය දිනා ගත් ලෝක බෞද්ධ උරුමයක් සේ සැලකෙන පොළොන්නරුව ගල් විහාරයට යාබදව පිහිටා ඇති වටදාගෙය නැගෙනහිර දොරටුවේ ඉදිරිපස මළුව නිදන් හොරුන් විසින් විදුලි උපකරණ යොදා විදීමට ගත් උත්සාහයක් පිළිබද ලත් තොරතුරක් අනුව ශාක්‍ය පුත්‍ර ජාතික සංවිධානය පොළොන්නරුවේ ගල් විහාරය , වටදාගෙය ආශ්‍රිතව නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

එහිදී ශාක්‍ය පුත්‍ර ජාතික සංවිධානයේ ලේඛකාධිකාරී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් උතුරු නැගෙනහිර පුරාවිද්‍යා විනාශය තදින්ම සිදුවන වකවානුවක මෙලෙස රට මැදත් පොලීසිය බලා සිටියදීම නිධන් හොරුන් විසින් ඓතිහාසික වටිනාකමක් ඇති මෙවන් වටිනා ස්ථාන විනාශ කිරීම කණගාටුවට කරුණක් බවත් ,

01.මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආරක්ෂක නිලධාරීන්

02.සිවිල් ආරක්ෂකයින්

03.පොලීසිය

04.පුරාවිද්‍යා ආරක්ෂක නිලධාරීන්

ලෙස කණ්ඩායම් හතරක් මෙහි ආරක්ෂාවට සිටියදී අධික ශබ්දය සහිත මේකී උපකරණ කෙසේ නම් ක්‍රියාත්මක කළේ ද යන්න ගැටලුවක් බවත් , මේ සදහා නිලධාරීන්ගේ සහය ද ලැබී ඇති බවට සැක සහිත බවත් , මේ පිළිබඳ විධිමත් පරක්ෂණයක් සිදුකොට අදාළ පාර්ශව වෙත නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියහ.

Exit mobile version