මේ වන විට ,අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා යටතට පත්කළ සීති තොග පෞද්ගලික අංශයේ තොග වෙළඳුන් සඳහා නිකුත් කිරීම ආරම්භ කර ඇත.
බන්ඳුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා මෙලෙස තොග වෙළඳුන් වෙත නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි වෙළෙඳ අමාත්‍යංශය සඳහන් කර සිටියේ.
පෞද්ගලික අංශයේ තොග වෙළඳුන් වෙත මෙලෙස සීනි තොග නිකුත් කරනු ලබන්නේ රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති පාලන මිල යටතේ පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීම සඳහාය.
ඒ අනුව සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 117කට සහ දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 120ක් ලෙස ගබඩාවලින් නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවයි වෙළඳ අමාත්‍යංශය පවසන්නේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමසීම් සඳහා 011 3 68 17 97 යන දුරකථන අංකය ඔස්සේ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව ඇමතිය හැකි බවද සඳහන් කර ඇත.