2023 වර්ෂයේ නව පාසල් වාරය සදහා සිසුන්ට අවශ්‍ය පෙළ පොත් සියල්ල නිසි වේලාවට ලබා දීම උදෙසා පෙළපොත්වලින් 45%ක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට සහ පෙළපොත් වලින් 55%ක් පෞද්ගලික මුද්‍රණාල සදහා ලබා දීමට අමාත්‍ය මණ්ඩලයෙන් අනුමැතිය ලැබුණු බවත් නිසි වෙලාවට පෙළපොත් ලබා දීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශය වාර්තා කරන ලදී.
එමෙන්ම මුද්‍රණය කර අවසන් පෙළ පොත් මේ වන විට ලැබී ඇති බව සහ පෞද්ගලික මුද්‍රණාල 22ක් මුදල් ඇණවුම් කර අදාළ ගිවිසුම් අත්සන් කර ඇති බව වැඩි දුරටත් සදහන් කරයි .
මෙම පෙළ පොත් මුද්‍රණය සදහා ඉන්දියාවේ ණය ආධාර මත පළමු කඩදාසි තොගය ලැබුණු බවත් අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරන ලදී .