පෞද්ගලික රෝහලක අත්බෝම්බයක් තැබීම සම්බන්ධයේ ජීව උණ්ඩ සමග අයෙක් අත්අඩංගුවට

පසුගිය දා නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක අත්බෝම්බයක් සවිකිරීම සම්බන්ධ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

සැකකරු අත්අඩංගුවට ගන්නා විටදී ඔහු සතුව තිබී ජීව උණ්ඩ 18ක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

14 වන දින මෙලෙස පෞද්ගලික රෝහලක තිබී අත්බෝම්බය සොයාගත් අතර පසුව සිදුකරන ලද විමර්ශන කටයුතු වලදී අනාවරණය වී ඇත්තේ එම අත්බෝම්බය වැසිකිළිය තුළ තබා ඇත්තේ සිද්ධියට අදාළව එදිනම අත්අඩංගුවට ගත්  පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙක් බවයි.

සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අත්බෝම්බය එහි තබා ඒ පිළිබඳව ඔත්තුව ද ඔහු විසින්ම ලබා දී තිබූ අතර රෝහලෙන් ත්‍යාග මුදලක් ලබා ගැනීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවයි.

එම අත්බෝම්බයේ ඇණය ගලවා දැල්වෙන් මදුරු දඟරයක අමුණා බෝම්බය පසුව පුපුරා යන ලෙස සකස් කර තිබූ බව ද මූලික පොලිස් විමර්ශලනවලදී  සොයාගෙන ඇත.

Exit mobile version