බංකලොත් ජාතියට එක් වරම ලැබෙන රුසියානු බොරතෙල් නැව අභිරහසක් ද.?.

බංකොලොත් ජාතියක් ලෙස ලෝක මාධ්‍ය හදුන්වා දෙන ශ්‍රී ලංකාවට පෙට්‍රල්, ඩීසල් ඇතුළු සෑම දෙයකම හිඟයකට මුහුණ දී සිටින හෙයින් ඉන්ධන නිෂ්පාදනය සඳහා භාවිතා කරන රුසියානු බොරතෙල් හෙට සිට  ශ්‍රී ලංකාවට ලැබෙන බව වාර්තා වේ.

සපුගස්කන්ද පිහිටි ලංකා පෙට්‍රෝලියම් කෝපරේෂන් හි පිරිපහදුවේදී මෙම බොර තෙල් පිරිපහදුවට සැකසෙන බව සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි. මාස දෙකකට වැඩි කාලයක් තුළ රටේ එකම පිරිපහදුව වසා දැමුනේ බොර තෙල් හිගය හේතුවෙනි. මැයි 28 වන දින බොරතෙල් ලැබීමට නියමිත අතර, එය නැවත ආරම්භ කිරීමට හැකි වන බව සදහන් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා  ට්විටර් පණිවුඩයක් නිකුත් නිකුත් කර තිබේ.

මොස්කව් විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු පුළුල් ලෙස හෙළා දකිමින්  සම්බාධක පනවන ලදී. ඉන් පසු රුසියානු බොරතෙල් පිළිගත් නවතම ආසියානු රට ශ්‍රී ලංකාව බවට පත් වේ. එක්සත් ජනපදයේ සහ යුරෝපය පුරා බොහෝ පිරිපහදු කරන්නන් ඔපෙක් + නිෂ්පාදකයාගෙන් මිලදී ගැනීම් නතර කර ඇති අතර, රුසියානු තෙල් මිල පහත වැටීමට පොළඹවා ඇත. එම නිසා චීනයේ සහ ඉන්දියාවේ අවස්ථාවාදී මිලදී ගැනීම් ඉහළ ගොස් තිබේ.

සපුගස්කන්ද පිරිපහදුවට සයිබීරියන් ලයිට් බොරතෙල් භාවිතා කරන බව විජේසිංහ මහතා පැවසීය. එය අබුඩාබියේ මර්බන් සහ ඉරාන ලයිට් ඔයිල් සමඟ අපගේ පිරිපහදුවට සැකසිය හැකි බොරතෙල් වර්ග කිහිපයෙන් එකකි. නමුත් එම බොරතෙල් සඳහා ශ්‍රී ලංකාව ගෙවන්නේ කෙසේද යන්න වාර්තා වී නැත.

“සපුගස්කන්ද පිරිපහදුව මාර්තු 20 න් පසු ප්‍රථම වතාවට බොරතෙල් තොගයක් ගොඩබෑමෙන් හෙට ආරම්භ වේ” යනුවෙන් අමාත්‍ය කංචන විජේසේකර අද ( 27) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

ස්වාධීන රාජ්‍යක් වූ ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම මූල්‍ය අර්බුදයට මුහුණ දී සිටින අතර, ආහාරවල සිට තෙල් දක්වා සෑම දෙයකම හිඟයක් පවතී. ඉන්ධන සැපයීම කොතරම් අඩුද යත් ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල් ලබා ගැනීමට පෝලිම්වලට නොයන ලෙස රජය පුරවැසියන්ට නිවේදනය කළේය.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය තවමත් සැකසී නැති අතර දේශපාලන නායකයන් ඔවුන්ගේ බලය රැක ගැනීම සදහා තවමත් ක්‍රීඩා කරමින් සිටි. එසේම විවිධ කූට ව්‍යාපාරිකයන්ගේ කූට උපක්‍රමද නිසා බොර තෙල් ලැබීම ප්‍රමාද වී තිබේ. ශ්‍රී ලංකාවේ මාධ්‍ය මේ පිලිබඳව විවිධ විමසීම් කරමින් තිබෙන අතරතුර එක් වරම මෙම ඉන්ධන නැව හෙට ලගාවන බව පැවසීම පිටුපස යම් කූට උපක්‍රමයක් තිබේද යන්න විවිධ වාර්තා සැක පහල කර තිබේ. කෙසේ වුවත් එම නෞකාව මාසයක් පමණ ගැබුරු මුහුදේ රඳවා තිබුණු බවටද විවිධ වාර්තා සදහන් කරයි.

රුසියානු ඉන්ධන නෞවකාව පැමිණි මාර්ගය සහ මාසයක් නවතා තිබු ස්ථානය

Exit mobile version