බංග්ලාදේශ් නායකයාගේ ඉල්ලීමට මැතිව්ස් දැවී යයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ඇන්ජෙලෝ මැතිව්ස් අවාසනාවන්ත ලෙස දැවී ගොස් තිබේ.

වාර්තා වන ආකාරයට ඔහු පන්දුවට පහරදීමට කඩුල්ලට පැමිණීමට පරක්කු වූ බව බවසමින් (Time Out) දන්වමින් ඔහු දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස නම් කර තිබේ.

ක්‍රිකට් නීති පොතේ දැවී යෑම් වර්ගීකරණයේ එන “Time Out” නීතිය අනුව කඩුල්ලක් දැවී යාමෙන් මිනිත්තු දෙකකට මත්තෙන් ඊළඟ පිතිකරු, පිතිකරණ අන්තයේ සීමා ඉර මතට පැමිණිය යුතු නමුත් මැතිව්ස් එසේ නොපැමිණීම මත බංග්ලාදේශ් නායකයා විනිසුරුගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම දැවීයාම සටහන් වී තිබේ.

මැතිව්ස් ක්‍රීඩා පිටිය තුළට පිවිසීමේ දී ඔහුගේ හිස් ආවරණයේ පටියේ කිසියම් ගැටලුවක් තිබූ බව මැතිව්ස් පිටියේ විනිසුරු මාටිං එරස්මස්ට පවසා සිටියත් බංග්ලාදේශ කණ්ඩායම විසින් දැවීයාම ඉල්ලීම් කර තිබූ බැවින් මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයෙකු බවට තෙවැනි විසිනුරුගේ උපදෙස් මත පිටියේ විනිසුරු සඳහන් කළ බව තවදුරටත් වාර්තා වේ.

ඒ මොහොතේ තරගයේ විස්තර විචාරයේ නිරත වී සිටි රසල් ආර්නෝල්ඩ් කියා සිටියේ, මෙවැනි නීතියක් ක්‍රිකට් ක්‍රීඩාවේ තිබුණ ද මෙවැනි දැවීයාමක් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වූ පළමු අවස්ථාව බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී මෙවැනි දැවී යාමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වන බව වැඩිදුරටත් සදහන් වේ.

Exit mobile version