ශ්‍රී ලංකාවට එරෙහිව පැවති දෙවන විස්සයි විස්ස තරගය බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 8කින් ජයගැනීමට සමත්වී ඇති බව වාර්තා වේ.
ලකුණු 165ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය බංග්ලාදේශය පන්දුවාර 18යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 170ක් රැස්කරගනිමින් එම ජය හිමිකරගෙන තිබේ.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක නජ්මුල් නොදැවී ලකුණු 53ක් රැස්කර ගත්තේය.
පන්දුවාර ඔහුගේ 38කදී ගොඩනැගූ ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් විය.
අනෙක් අන්තයෙන් නොදැවී සිටිමින් ඔහුට සහාය වූ හ්‍රීඩෝයි පන්දු 25කදී ලකුණු 32ක් රැස්කරගනිමින් බංග්ලාදේශ ඉනිම ශක්තිමක් කළේය.
ලිටන් දාස් ලකුණු 36ක් සජ සෞම්‍ය සර්කාර් ලකුණු 26ක් රැස්කරගත්තේය.