බංග්ලාදේශ බලධාරීන් එරට ඉන්ධන මිල 50%කින් පමණ ඉහළ දැමීමට තීරණය කර ඇත.
එරට බලධාරීන් සඳහන් කරන්නේ යුක්රේන යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් මෙවැනි පියවරක් ගත් බවයි.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් එරට ජනතාව වීථි බැස විරෝධතාවල නිරතවන බවයි.
බංග්ලාදේශයේ පෙට්‍රල් මිල ටාකා 130ක් දක්වා වැඩි කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
ටාකා එකක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 3.80ක් පමණ වේ.