බංග්ලාදේශයේ මුස්ලිම් අන්තවාදී ප්‍රහාර නිසා සුළුතර ප්‍රජාව රට හැර යයි

බංග්ලාදේශ හින්දු ප්‍රජාව ඉලක්ක කරමින් පසුගිය කාලයේ මුස්ලිම් අන්තවාදීන් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් මේ වන සුළුතරයේ බොහෝ පිරිස් අනාරක්ෂිත බවක් දැනෙන බැවින් රට හැර යාමට සූදානම් වී ඇති බව වාර්තා වේ.

හින්දු ආගමික තරුණයෙකු වන සුජෝන් රෝයි පවසා ඇත්තේ , “සෑම ආගමකම මිනිසුන් ආගමික සමගියෙන් ජීවත් වූ රටක් අපට තිබෙන නමුත් මෑතකදි සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පෙන්නුම් කළේ අප තවදුරටත් ආරක්ෂිත නොවන බවත් ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් අපව ආරක්ෂා කිරීමට රජය අපොහොසත් වී ඇති බවත්” ය.

එමෙන්ම කතෝලික ආගමික 45 හැවිරිදි රොබින් කොස්තා යන පුද්ගලයාද Asia news හමුවේ  සඳහන් කර ඇත්තේ එවැනිම තත්ත්වයක් වන අතර ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමා සහ ඔහුගේ පවුලේ අය ආරක්ෂා කර ගැනීම සඳහා යුරෝපයේ හෝ කැනඩාවේ ඕනෑම ක්‍රිස්තියානි රටකට යාමට සැලසුම් කර ඇති බවයි.

ඔහු හැඩූ කඳුලින් කියා ඇත්තේ විදේශ ගතවීමේ පිරිවැය ඔහුට  බෙහෙවින් විශාල වුවත් මෙම අවස්ථාවේ ඔහුට ගතහැකි වෙනත් පියවරක් නොමැති බවයි.

ඔක්තෝබර් මස 13 වන දා සිට ප්‍රචණ්ඩකාරී තත්ත්වය උත්සන්න වී ඇත්තේ කුර්ආනයේ පිටපතක් අපකීර්තියට පත් කිරීම පිළිබඳ පුවතක් පැතිරීමත් සමග වන අතර මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් විසින් දකුණු දිග චන්දපූර් දිස්ත්‍රික්කයේ හින්දු කෝවිලකට පහර දීමත් සමග බවයි වාර්තා වන්නේ.

මුස්ලිම් අන්තවාදීන්ගේ ප්‍රචන්ඩකාරී ක්‍රියා මේ වන විට තව තවත් උත්සන්න වෙමින් පවතින අතර සියලුම සුළුජාතීන්ට මේ වන විට විශාල බලපෑමක් එල්ලවී ඇත.

සුළු ජාතීන්ට එල්ලවන ප්‍රහාර ලේඛනගත කිරීම සඳහා බංග්ලාදේශ මානව හිමිකම් සංවිධානයක් වන අයින් හෝ සලිෂ් කේන්ද්‍ර ඇස්තමේන්තු කරන්නේ 2013 වසරේ සිට මේ වන විට හින්දු විරෝධී ප්‍රහාර 3,679ක් රට තුළ සිදුව ඇති බවත් මෙම ප්‍රහාරයන්ගෙන් හින්දු භක්තිකයන් 11 දෙනෙක් මියගොස් ඇති බවත් 862 දෙනෙක් තුවාල ලබා ඇති බවත්ය.

Asian news ඇසුරෙනි

Exit mobile version