බටහිරට අභියෝග කල දේශීය වෛද්‍ය විද්‍යාවේ පුනරාගමනය. කොවිඩ් වෛරසයට එරෙහි 23 වැනි වැඩසටහන.

සැබවින්ම වෛද්‍ය විද්‍යාව යනු සිංහලද, බටහිරද, ආයුර්වේද ද යන්න වෙන් නොකොට හදුනා ගත යුතු මානව පැවැත්මට මහා මෙහෙවරක් සිදු කරන, මානවයාගේ පැවැත්මට සෞඛ්‍යමය වශයෙන් උපදේශ, අනුශාෂන ලබා දෙමින් ඔවුන් ජීවත් කරවන සුවිශේෂිම වූ විෂය පතයයි.

කොවිඩ් පැමිණි මුල් වකවානුවේදී බටහිර වෛද්‍යවරු පවා ප්‍රසිද්ධ මාධ්‍යවල දී පැහැදිලිවම ප්‍රකාශ කලේ එම වෛරසය සමග සටන් කිරීම සදහා දේශීය වෛද්‍ය විද්‍යාවේ ඇති බොහෝ ප්‍රතිකාර ක්‍රම ලබා ගැනීම සුදුසු බවයි. සත්‍ය වශයෙන්ම කොවිඩ් එන්නත් නිෂ්පාදනය වන්නට පෙර මාස ගනනාවක් මෙරට ජනතාව භාවිතා කලේ දේශීය වෛද්‍ය ප්‍රතිෂක්තීකරණ ක්‍රමයි. මාස ගණනාවක් පුරා එම දේශීය ක්‍රම භාවිතා කල නමුත් කොවිඩ් වලට එරෙහිව ප්‍රතිශක්තීකරන එන්නත් මෙරටට ලැබීමත් සමගම තමන්ගේ ක්‍රමය අමතක කල බහුතර දේශීය ජනතාව බටහිර වෛද්‍ය විද්‍යාවට නැඹුරු වුයේ නවීන විද්‍යාවෙන් නිර්මාණය කරන ලද විවිද නම් වලින් පැමිණි කොවිඩ් වලට එරෙහි එන්නත් පිළිබඳව දැඩි විශ්වාසයෙනි. නමුත් එම එන්නත්කරණයද සමග මෙරට ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් විවිධ ලෙඩ රෝගාබද වලට ලක්  විය. නමුත් එම රෝගයන් සදහා වග කිව යුතු පුද්ගලයන්ද නොමැති වීමෙන් එන්නත පිළිබඳව තිබු ජනතා විශ්වාසය බිදී ගිය බැවින්, රෝගී වූ ජනතාව සුව කිරීමේ කාර්යද දේශීය වෛද්‍යවරුන් බාරගනිමින් දැවැන්ත ජනතා මෙහෙවරක් සිදු කරමින්, සිංහල වෛද්‍ය කේන්ද්‍රය මගින් ශ්‍රී ලංකාවේ විවිද ගම්මාන වල සැරිසරමින් ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් සිදු කරමින් ජනතාව සුව කරමින් සිටිති.

එසේ පැවැත්වෙන වැඩසටහන් වලින් 23 වෙනි වැඩසටහන පසු ගිය 17 වැනිදා (පෝය දිනයෙහි) රත්නපුර ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

එම වැඩසටහනේදී විශේෂ උපහාර උළෙලක්ද පවත් වූ අතර දේශීය කමට ගරහන බොහෝ දෙනෙකුට එරෙහිව සටනක් කරන්න ඔවුන්ට සිදුව තිබෙන අතර දේශීයත්වයට ගරහන්නේ දේශීය සිංහල ජනතාවම බව පැහැදිලිවම අපට දක්නට ලැබිණි.

බටහිරට බැන බැන බටහිරටම ආවඩන යඛ්ඛ සිංහලයන් දේශීය දේ විනාශ කරමින් සිදු කරනු ලබන බොහෝ දේ තිබියදීත් ඔවුන් සමග කරට කර යමින් දේශීය වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාව තුල පවත්වාගෙන යමින් එය දියුණු කරමින් අනාගත පරපුරට යමක් ඉතිරි කරන්නට මේ බර කරට ගෙන කටයුතු කරන්නේ වෛද්‍යාචාර්ය රත්නපාල මහතාය.

රතනපාල මහතා සමග දේශීය වෛද්‍ය කේන්ද්‍රයේ සභාපති, වෛද්‍යාචාර්ය මංජුල කීරගල මහතා, එහි ලේඛම් ගයනි රණසින්හ ඇතුළු ශ්‍රී ලංකාවේ නන් දෙසින් පැමිණි දේශීය වෛද්‍යවරු ගණනාවක් පැමිණි සිටි ජනතාව වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සහ මානසික උපදේශනයන් සිදු කරමින් දැවැන්ත කාර්ය භාරයක් සිදු කරන ලදී.

මෙහි මුලසුන  හෙඹවීම රන්ගිරි ශ්‍රී ලංකා රූපවාහිනී සහ ගුවන්විදුලියේ වැඩසටහන් නිශ්පාදක උපාලි ගමගේ මහතා සහ සුරන්ජා පතිරන මහත්මිය කටයුතු කල අතර වෛද්‍යාචාර්ය  රත්නපාල මහතා වෙත මංජුල කීරගල මහතාද, මංජුල කීරගල මහතා විසින් වෛද්‍යාචාර්ය  රත්නපාල මහතා වෙතද උපහාර පිදු අතර , රතනපාල මැතිණිය, මංජුල කීරගල මැතිණිය මෙන්ම , මංජුල කීරගල මහතාගේ දෙමාපියන්ද මෙහිදී උපහාර ලැබූයේ ජාතික මෙහෙවර වෙනුවෙන් සිදු කරනු ලබන දැවැන්ත කැපවීම හේතුවෙනි.

නීත්‍යානුකූලව පිළිගනු ලබන කොවිඩ් ප්‍රතිෂක්තීකරන දේශීය වෛද්‍ය කාඩ්පතද නිසි උපදේශ යටතේ නිකුත් කෙරුණු අතර නොමිලේම වෛද්‍ය ප්‍රතිකාරද ලබා දෙන ලදී.

තමන්ගේ පුද්ගලික වියදමින්, ශ්‍රී ලාංකික ජනතාවගේ දේ නැවත මේ මහපොළව මත පළකරන්නට වෙහෙසෙන දේශීය වෛද්‍ය ආචාර්යවරුන්ට අපගේ ගෞරවය සහ ආචාරය පුදකරන අතර මෙතෙක් ආ ගමනේ දහසක් බාධක මැද ඔවුන් ලබාගෙන ඇති ජයග්‍රහණයන් අති විශාල වන බැවින් ඉදිරි වැඩකටයුතු සාර්ථක කරගන්නට ඔවුන්ට ශක්තිය සහ දිරිය ලැබේවා කියා අප ප්‍රර්ථනා කරමු.

රාවණා ලංකා මාධ්‍ය ජාලයේ අවිස්සාවේල්ල මාණ්ඩලික වාර්තාකරු.

Exit mobile version