විද්‍යාත්මක ලෝකයේ, “මිනිසාගේ මහා රෝගය” ලෙස හඳුන්වන සින්ඩ්‍රෝමය ඇති වන්නේ එක් ක්ෂේත්‍රයක ප්‍රසිද්ධ පර්යේෂකයෙකු තමා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රවීණයෙකු යැයි තීරණය කරන රසායන විද්‍යාඥයෙකු වැනි ඔහුට හෝ ඇයට නොතේරෙන තවත් ක්ෂේත්‍රයක් ගැන ප්‍රබල මතයන් ගොඩනඟා ගත් විටය. එවිට ඔහු සංජානන විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු බව තීරණය කරන භෞතික විද්‍යාඥයෙකි. ආර්ථික උපදේශකයින් ලෙස උසස් කර ඇති ශ්‍රී ලංකාවේ බොහෝ ව්‍යාපාරික නායකයින් තුළ ද එම සින්ඩ්‍රෝමය තත්වය තිබෙන බව පෙනේ. ව්‍යාපාරිකයන් වූ ඔවුන් නව ක්ෂේත්‍රයක අදහස් ප්‍රකාශ කිරීමට පෙර ඔවුන් නැවත පාසලට යා යුතුය. ව්‍යාපාරිකයෙකුට රටක් ගොඩනැගිය නොහැකි බව “ ජාඩියට මූඩිය සේ” වූ ඔවුන්ගේම පන්නයේ මුදලාලිලා නොහොත් ශ්‍රී ලංකාවේ පාලකයන් පිළිගන්නේ නැත. ඒ හේතුවෙන් ප්‍රභල ව්‍යාපාරිකයන් මෙන්ම හොරුන්ද ශ්‍රී ලංකාවේ පාලකයන්, අධ්‍යක්ෂකවරුන්, සභාපතිවරුන් බවට පත්ව තිබෙන අතර බොහෝ වෘත්තීකයන්ද, තම රැකියාව අමතක කර ව්‍යාපාරිකයන් බවට පත්ව තිබේ.
ව්‍යාපාර කරගෙන යාමට අදහස් කරන විද්‍යාල සිසුන් බොහෝ විට ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රධානීන් වන නමුත් දේශන ශාලාවේදී තමන්ට ඇසෙන දේ භාවිතා කරනු ඇතැයි ස්වල්ප දෙනෙක් විශ්වාස කරති. නමුත කාලයත් සමග එම සිසුන් මූලික සත්‍යයක් තේරුම් ගනී. එනම් ඔවුන් ආර්ථික විද්‍යා පාඨමාලා වල ඉගෙන ගන්නා දේ ඔවුන්ට ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට උපකාරී නොවන බවයි.
ප්‍රතිලෝමය ද සත්‍යයකි. ව්‍යාපාරයක් පවත්වාගෙන යාමෙන් මිනිසුන් ඉගෙන ගන්නා දේ ඔවුන්ට ආර්ථික ප්‍රතිපත්තියක් සැකසීමට උපකාරී නොවේ. රටක් යනු විශාල සංස්ථාවක් නොවේ. විශිෂ්ට ව්‍යාපාරික නායකයෙකු බවට පත් කරන මනසෙහි පුරුදු සාමාන්‍යයෙන් විශිෂ්ට ආර්ථික විශ්ලේෂකයෙකු බවට පත් කරන ඒවා නොවේ. ඩොලර් බිලියන 1ක් උපයා ඇති විධායකයෙකු ඩොලර් ට්‍රිලියන 6ක ආර්ථිකයක් පිළිබඳ උපදෙස් සඳහා යොමු වීමට සුදුසු පුද්ගලයා වන්නේ කලාතුරකිනි. නමුත් මේ මූලික සත්‍යවත් නොදන්නා ශ්‍රී ලංකාවේ පාලක පන්තිය තවමත් අදුරේ අත පත ගාන්නේ ශ්‍රී ලංකාව ඔවුන්ගේ ව්‍යපාරික ස්ථානය සේ සිතාගෙන බවද නොරහසකි.
ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකයේම ව්‍යාපාරිකයන් හෝ ආර්ථික විද්‍යාඥයන් සාමාන්‍යයෙන් ඉතා හොඳ කවියන් හෝ කලාකරුවන් නොවේ. එසේම බොහෝ අය අඩුම තරමින් සාර්ථක ව්‍යාපාරික විධායකයින්ද නොවේ. පුද්ගලික ධනයක් උපයාගත් අයෙකු සමස්ත ජාතියක් වඩාත් සමෘද්ධිමත් කරන්නේ කෙසේද?. ඔවුන් කටයුතු කරනුයේ තමන්ගේ දේ ගොඩනගා ගැනීමට විනා රටක් රාජ්‍යක් හෝ තමන්ගේ සේවකයෙකුවත් ගොඩ නැගීමට නොවේ. දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් කැපකර තිබෙන්නේ ඔහු වෙනුවෙනි. එහි ඇත්තේ මමත්වය විනා පරාර්ථකාමිත්වය නොවේ. ඇත්ත වශයෙන්ම, ඔවුන්ගේ උපදෙස් බොහෝ විට විනාශකාරී ලෙස නොමඟ යවනු ලැබේ. ශ්‍රී ලංකාව එයට හොදම උදාහරණය බව කිව යුතු නොවේ.
ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍යවේදීන් මෙන්ම මාධ්‍ය ආයතනද මේවා නිසි ලෙස හදුනාගෙන නැතිබව පැහැදිලිය. එසේ හදුනාගෙන තිබුනේ නම් කුණු ධම්මිකලා වැන්නවුන්ගෙන් රටක් හැදීමට උපදෙස් නොගනු ඇත. නමුත් බොහෝ මාධ්‍ය ආයතනද කටයුතු කරනුයේ තමන්ගේ මාධ්‍ය ව්‍යාපාරය දියුණු කරගැනීමේ පරමාර්ථයෙන් පමණක් බවද පැහැදිලිය. ඔවුන්ද හරියට “ ජාඩියට මූඩිය “ සේ මනාව ගැලපේ.
ආර්ථිකයක් ක්‍රියාත්මක කළ යුතු පොදු මූලධර්ම ව්‍යාපාරයකට අදාළ වන ඒවාට වඩා වෙනස් සේම තේරුම් ගැනීමට ලෙහෙසි නමුත් වෙනස් ය. ව්‍යාපාර ගිණුම්කරණය පිළිබඳ සම්පූර්ණයෙන් සැපපහසු විධායකයකු විවිධ දේ මනින සහ විවිධ සංකල්ප භාවිත කරන ජාතික ආදායම් ගිණුම් කියවන්නේ කෙසේදැයි ස්වයංක්‍රීයව නොදනී. පුද්ගල කළමනාකරණය සහ කම්කරු නීතිය එකම දෙයක් නොවේ. ආයතනික මූල්‍ය පාලනය සහ මුදල් ප්‍රතිපත්තිය ද නොවේ. ආර්ථික කළමනාකරුවෙකු හෝ විශේෂඥයෙකු වීමට කැමති ව්‍යාපාරික නායකයෙකු නව වචන මාලාවක් සහ සංකල්ප මාලාවක් ඉගෙන ගත යුතුය, ඒවායින් සමහරක් නොවැළැක්විය හැකි ලෙස ගණිතමය ගැටළු වේ.
ඒ අකාරයේ නොමග ගිය ශ්‍රී ලංකාව තවමත් යන්නේ නොමගය. එරට ගොඩගැනීම සදහා කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට තවමත් ශ්‍රී ලංකාවේ විධායකය ඇතුළු පාලක පන්තිය අසමත්ව තිබේ. රාජ්‍ය නිලධාරින්ද එසේමය. අසමත්කමට වඩා මේ විනාශය ඔවුන්ට ගැටළුවක් නොවන නිසා රටේ ජනතාව දුක් වින්දාට ඔවුන්ට ප්‍රශ්නයක් නැත. ඒ ඔවුන්ට සියල්ලම තිබෙන නිසාය. ශ්‍රී ලංකාවේ විනාශයට බලපෑ ප්‍රධානතම හේතුවලින් එකක් බවට පත්වන්නේ වෘත්තිකයන් තම වැටුප් ලබන රජයේ වෘත්තියට අමතරව විවිධ ව්‍යාපාරවල යෙදීමය.
මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය පද්ධතියම විනාශ වී ගොසිනි. නමුත් ඒවාට වගකිව යුතු පුද්ගලයන්ට නීතියක් ක්‍රියාත්මක වන බවක් දක්නට නැත. සෞඛ්‍ය පද්ධතියේ විනාශය පසෙකට දමා සෞඛ්‍ය බලධාරීන් පසුගියදා විදේශ සංචාර වලටද සහභාගි විය. ඒ සියලු දීමනාද සහිතවය.
බොහෝ වෛද්‍යවරු තම රජයේ සේවය ඉතාම හොදින් සිදුකරන බව සත්‍යයකි. නමුත් සැලකිය යුතු ප්‍රමාණයක් වෛද්‍යවරු නිසා මෙසේ රෝහල් පද්ධතිය කඩා වැටීම සිදුවන්නේ අද ඊයේ සිට නොවේ. සෑම වෛද්‍යවරයෙකුම පාහේ රෝහලට යාමට පෙර පුද්ගලික සායනයේ ප්‍රතිකාර ලබා දීම සිදුකරයි. එසේම බොහෝ නගරවල තිබෙන වෛද්‍ය රසානයාගාර පවා වෛද්‍යවරුන්ගේය. රෝහල් වල නැති පහසුකම් සියල්ලම ඔවුන්ගේ චැනලින් සේවාවල තිබේ. රෝහලේ නැති සියලුම පහසුකම් තමන්ගේ රසායනාගාරයේ තිබේ.
නමුත් ඒවා ගොඩනගාගෙන තිබෙන්නේ තමන්ගේ මුදල්වලින් බව ඔවුන්ට තර්ක කල හැකිය. එහෙත් තමන්ගේ ව්‍යාපාරය ගොඩනැගුනේ නම් අහිංසක, දුගී දුප්පතා වෙනුවෙන්වත් රජයේ රෝහල් පද්ධතිය ගොඩනැගිය යුත්තේ මෙරට රජයෙන් වැටුප් ලබාගන්නා වෛද්‍යවරු විනා අන් කවුරුවත් නොවේ.
සැබෑ නායකයන් විසින් සමස්ත පද්ධතියම දීයුනුකරමින් රටේ ජනතාව වෙනුවෙන් තම තමන්ගේ වැඩ කොටස ඉටුකළ යුතුය. එහෙත් මෙරට බහුතරයක් නායකයන් මෙන්ම රජයෙන් වැටුප් ලබාගන්නා බොහෝ දෙනෙකු ගමන් කර තිබෙන්නේ තමන්ගේ පටු ඉලක්කයන් සපුරාගැනීම උදෙසාය.
ඒ අතර සැබෑ කැක්කුමක් ඇති බොහෝ වෛද්‍යවරු තමන්ගේ රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීමට පරිත්‍යාග සොයන්නට සිදුව තිබේ. රෝහල්වලට යාමට නොහැකිව සෞඛ්‍ය කාර්ය මණ්ඩල පැය 4,5ක් ඉන්ධන පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇත. ඩීසල් නොමැතිකම නිසා බොහෝ රෝහල් ඉතා ඉක්මනින් අඳුරේ වැටෙනු බව විශේෂඥයන් අනතුරු හැඟවුයේ අද ඊයේ නොවේ.
එසේම තතු දත් ආරංචිමාර්ග සඳහන් කරන්නේ සමහර රෝහල් අධීක්ෂකවරුන් සහ අධ්‍යක්ෂවරුන් තම රසායනාගාර වාර්තා මුද්‍රණය කිරීම සඳහා toner මිලදී ගැනීමට රෝහල්වල වගා කරන කෙසෙල් විකුණා තිබෙන බවයි. ඒ වෙන කවුරුත්ම නොවේ. අපේ රටේ උගත් වෛද්‍යවරුමය. ඔවුන් එම මුදල් රෝහලට ලබා දී නොමැත. අපේ රටේ සිටින එවන් වෛද්‍යවරුන් ටයි කෝට් ඇදගෙන සිටින්නේ තමන් ඇදුම් ඇන්දත් ඉන්නේ නිරුවතින් බව නොදැනෙන නිසාය.
දහස් ගනනක් සිටින බටහිර වෛද්‍යවරුන්ගෙන් බහුතරයක් දෙනා මෙරට සෞඛ්‍ය පද්දතිය විනාශ කල බවද, තිබෙන ටිකද ඔවුන් විනාශ කරන බවද, සියලුම සාධාරණ මෙන්ම ඉතාම හොද වෛද්‍යවරුන් මෙන්ම ආත්මාර්ථකාමී බෙහෙත් පෙත්තෙනුත් කොමිස් ගසා කන ව්‍යාපාරික වෛද්‍යවරුද, දැනටත් ඒවා සිදුකරගෙන යන සියලුම වෛද්‍යවරු තනි තනිවමත්, සාමුහිකවත් මේ විනාශයට වග කිව යුතුය.
එබැවින් සියලුම පාලකයන් දැන්වත් දැනගත යුතුය, තමන් මෙතෙක් කටයුතුකර තිබෙන්නේ මා ඉහලින්ම සදහන් කල ආකාරයට විනා ශ්‍රී ලංකාව දියුණු කිරීමට අවශ්‍යතාවයක් හෝ දැනුමක් නැතිව බව. දැනටත් එවැනි දැනුමක් පාලකයන්ට නැති බවද, අමාත්‍යංශ ලේකම්වරු, අධ්‍යක්ෂකවරු, සභාපතිවරුන් ඇතුළු රාජ්‍ය සේවකයන් සේ පෙනී සිටින විධායක ශ්‍රේණියේ පුද්ගලයන්ගෙන් 80% කම හොරුන්, කොමිස් කරුවන්, වංචා , දූෂණ මෙන්ම අක්‍රමිකතා සිදුකල මෙන්ම ඉදිරියටත් සිදුකරනා පුද්ගලයන් වන ඔවුන්ට ශ්‍රී ලංකාව බේරාගැනීමේ කිසිදු අවශතාවයක් නොමැති බවද සියලු දෙනාම දැනගත යුතුය.