බඩඉරිඟු සහ තේ සඳහා අවශ්‍ය පොහොර කඩිනමින්

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ බඩඉරිඟු සහ තේ වගා කිරීමට අවශ්‍ය කරන රසායනික හා කාබනික පොහොර කඩිනමින් සැපයීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන් ම බඩඉරිඟු ගොවීන් සඳහා බීජ සහනාධාරයක් ද ලබා දීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මේ වන විට ගෙන්වා තිබෙණ පොහොර ප්‍රමාණය කඩිනමින් ගොවීන් වෙත බෙදා දෙන බවත් අවශ්‍ය උවහොත් තවත් පොහොර ආනයනය කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමෙන් ම අනෙකුත් සියලු බෝග වගාවන් පිළිබඳව මේ වන විට ඇති ගැටලු සාධාරණීකරණය කර විසඳීමට ද බලාපොරොත්තු වන බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

රත්නපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ පිළිබඳව සඳහන් කර ඇත.

Exit mobile version