කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ එළඹෙන මහ කන්නය සඳහා වනවිට බඩඉරිඟු අවශ්‍යතාව 100%ක් මෙරට ගොවි ජනතාවගෙන්ම සපුරා ගැනීම සඳහා අපේක්ෂා කරන බවයි.
ඊයේ (22) දිනයේ තායිලන්ත රජයේ අනුග්‍රහයෙන් ලැබුණු බඩඉරිඟු බීජ තොගයක් භාරගැනීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
තායිලන්ත රජයේ අනුග්‍රහයෙන් මහ කන්නයේ ගොවීන්ට වගා කිරීම සඳහා බඩඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 144ක් මෙරටට පරිත්‍යාග කර තිබේ.
මෙම බීජ තොගය භාරගැනීමේ අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිත හැනා සිංගර් ද එක්ව සිටියේ ය.