අද (07) පස්වරුවේ කොළඹ – බදුල්ල ප්රධාන මාර්ගයේ හල්දුම්මුල්ල බත්ගොඩ ප්රදේශයේදී යළිත් නායයෑමක් සිදුවී තිබේ.
වාර්තා වන ආකාරයට අදාළ මාර්ගයේ 179 කිලෝමීටර් කණුව ප්රදේශයේ ස්ථානයක මෙම නායයෑම සිදුවී ඇති බවත් බදුල්ල කොළඹ මාර්ගයේ බෙරගල සහ හල්දුම්මුල්ල අතර මෙලෙස පස් කන්දක් නායගොස් ඇති බව පොලීසිය සඳහන් කර තිබේ.
මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් අවහිර වී තිබේ.
මෙම ප්රදේශයේදී ඊයේ (06) ද නායයෑමක් සිදුවී තිබුණි.