බත් කාලා හමාරද? කුඹුරු අක්කර දහස් ගණනක් දැනටමත් විනාශයි.

වර්තමානය වනවිට ශ්‍රී ලංකාවට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල කෘෂිකර්මාන්තයට දැඩි බලපෑම් එල්ලවී ඇති බව වාර්තාවන අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර ඇත්තේ වියළි කාලගුණය හේතුවෙන් වී වගා හානි පිළිබඳව තක්සේරු වාර්තාවක් දිනපතා තමාට ලැබෙන බවයි.එහිදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී වගාවට විශාලතම හානිය සිදුව ඇති බවට වාර්තා වන බව සදහන්.

ඒ අනුව මුළු දිවයිනම ආවරණය වන පරිදි යොදවා ඇති එම තක්සේරු වාර්තා කණ්ඩායම් වල වාර්තාවන්ට අනුව ඊයේ (15) දිනට  වාර්තාවේ සදහන්ව ඇත්තේ වැඩිම වී වගා හානිය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බවයි. එලෙස  හානියට පත්ව ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 19388 ක් ලෙස සදහන් වේ.

දෙවන වැඩිම වී වගා හානිය ලෙස සැලකෙන්නේ වලව කලාපයෙන් වන අතර එය අක්කර 10125ක් වේ. එම වාර්තාවන්ට අනුව ඊයේ දිනය තුළ වාර්තාවේ සදහන් වන පරිදි දිවයින පුරා ගොවීන් 32967 කට අයත් කුඹුරු අක්කර 37101 ක් වියළි කාලගුණය හේතුවෙන් විනාශ වී ඇති බව සදහන්.

Exit mobile version