බදු ගිවිසුමක් මත ලබාගත් පන්නිපිටිය පැලන්වත්ත ගුවන් හමුදා නිලධාරියාගේ නිවසේ තිබූ රුපියල් 7 ක පමණ දේපල හොර රහසේ විකුණූ එංගලන්ත උපාධිධාරී 38 හැවිරිදි පුද්ගලයා සහ ඔහුගේ මව අත්අඩංගුවට ගත් බවට පිළියන්දල පොලිසිය පවසයි.
එලෙස විකුණා තිබුණේ නිවස සමග බදු පදනම මත ලබා දුන් මේස, පුටු විදුලිපංකා ශීතකරණයක් ගෑස් සිලින්ඩර් ඇඳන් හා මෙට්ට යනාදිය බව සදහන්.
බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදා නිලධාරියාට අයත්ව තිබූ මෙම නිවසේ බඩුබාහිරාදිය සමග අත්අඩංගුවට ගත් සැකකාර මවට සහ පුතුට මීට වසරකට පමණ ඉහතදී මාසිකව රුපියල් 30000 ක බදු පදනම මත ලබා දී තිබූ අතර එළඹෙන අප්‍රේල් මස අටවෙනි දින බදු ගිවිසුම නිමවීමට තිබූ බවට පොලිසිය කියයි