බදුල්ලේ ප්‍රාදේශීය ලේඛම්වරු ලක්ෂ 26 බැගින් අල්ලස් ගෙන රනිල්ට කොකා පෙන්වයි. අල්ලස් ලෙස දියවඩන නිලමේ ලක්ෂ 200 ක් හීන්කෙන්ද අතේ බදුල්ලට යවයි.

නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශිෂ්ඨ ගනයේ රාජාසන කතාවක් පවත් වුයේ මේ මස 03 වැනිදාය. එය ශ්‍රී ලංකාවේ නායකයෙකුන් අප ඇසු විශිෂ්ඨම සජීවී කතාවයි. නමුත් කතාවට පමණක් ඉඩ නොදී ඒවා ක්‍රියාවෙන්ද කල යුතුය. ඔහුගේ එම කතාවෙන් පය 24 ක් යන්නටත් මත්තෙන් 23 වැනි පැයේ බදුලු පත්තිනි දේවාලයේ නිලවරණය පැවැත්විණි. ජනාධිපතිවරයාගේ කතාව ආරම්භයේදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදු දහමට ඇති ස්ථානයත් එය ආරක්ෂා කරන විදියත් අනෙක් ආගම් වෙනුවෙන් කටයුතු කරන ආකාරයත් මනාව පැහැදලි කරන ලදී.

එම ප්‍රකාශයෙන් පැය 23 කට පසුව බුදුදහමට සම්බන්ධ බදුලු පත්තිනි දේවාලයේ නිලවරණය පැවැත්විණි. ඒ 04 බදුල්ල දිස්ත්‍රික් ලේඛම් කාර්යලයේදීය. මේ සදහා චන්දය ලබා දීමට බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේඛම්වරු 8 දෙනෙක්, අවට දේවාල වල බස්නායක නිලමේවරු 4 දෙනෙක් සහ රබුක්පොත රජමහා විහාරයේ ගිහි භාරකරුය. අප්ක්ෂ්කයන් 6 දෙනෙකු මේ සදහා ඉදිරිපත්ව තිබු අතර නම් යෝජනා කර ස්ථීරව තිබුනේ දෙදෙනෙකුගේ පමණයි. ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නම් ලැයිස්තුව පහතින් දැක්වේ.

බදුළු පත්තිනි දේවාලයේ බස්නායක නිලමේවරයා තේරීම සදහා චන්දය දීමට මෙවර සුදුසුකම් ලැබූ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේඛ්ම්වරු

එසේ නාම යෝජනා ඉදිරිපත්කර ස්ථීරව තිබෙන්නේ බදුලු පත්තිනි දේවාලයේ වංචා දූෂණ මෙන්ම අක්‍රමිකතා වලට චෝදනා ලබා තිබෙන ප්‍රසාද් දෙනිපිටිය මහතා සහ එසේ කිසිම චෝදනාවක් ඉදිරිපත්ව නැති මීට පෙර කිසිම නිලවරණයකට ඉදිරිපත්ව නැති හිටපු දියවඩන නිලමේවරයෙකුගේ මුනුබුරෙකුද වන කෝටිපති ව්‍යාපාරිකයෙකුද චරිත නුගවෙල මහතාය.

මේ නිලවරනයද මුදල් මත තීරණය වී තිබෙන බව අප සතුව තිබෙන “හඬ පටිගත කිරීම්” සාක්ෂි දරයි. පෙර දින ලක්ෂ 7 කට තීරණය වී තිබු ප්‍රාදේශීය ලේඛ්ම්වරුන්ගේ චන්දය මහනුවර ප්‍රදීප් නිලංගගේ මැදිහත්වීම මත එක් ප්‍රාදේශීය ලේකම්වරයෙකුට ලක්ෂ 26 බැගින් වූ අල්ලසකට තීරණය වී තිබේ. මේ සියලුම රහස් කතා සිදුව තිබෙන්නේ බණ්ඩාරවෙල හෝටලයකදී බව අප සතුව තිබෙන ප්‍රාදේශීය ලේකම්වරු තිදෙනෙකුගේ සහ හීන්කෙන්ද නැමති පුද්ගලයෙකුගේ හඬ පට වලින් කියවේ. හෙන්කෙන්ද නමින් සිටින පුද්ගලයා පවසන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවන ප්‍රදීප් නිලංග දෑල විසින් ලක්ෂ 200 ක් දුන් බවත් ඔහු එය රැගෙන බදුල්ලට ගිය බවත් “නිහාල්” නැමති පුද්ගලයෙකු හරහා එම මුදල් ප්‍රසාද් දෙනිපිටියට අවශ්‍ය චන්ද ලබා ගැනීම සදහා බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දුන් බවත්ය. තවද මෙම හීන්කෙන්ද නැමති පුද්ගලයා තවත් ස්ථාන කිහිපයකදීම එසේ ප්‍රකාශ කර තිබෙන බවට අවශ්‍ය සාක්ෂි මීට සුළු මොහොතකට පෙර “අපගේ චර පුරුෂ සේවය” මගින් ආයතනය වෙත ලබා දෙන ලදී. එම ලක්ෂ 200 ට අමතරව ප්‍රසාද් දෙනිපිටිය විසින්ද එක් ප්‍රාදේශීය ලේකම්වරයෙකුට රුපියල් ලක්ෂ 8 බැගින් ලබා දී තිබේ. එක් අයෙකුට ලක්ෂ 26 ක් පමණ ලැබී තිබුණු බව ලැබී තිබෙන තොරතුරු මත කිය වේ.

කෙසේ නමුත් බස්නායක නිලමේවරයෙක් වන රන්ජිත් උදයකුමාර දිසානායක මහතා සහ රඹුක්පොත සිසිර මැණික්දිවෙල මහතා සමග ප්‍රාදේශීය ලේකම්වරු තිදනෙකු චරිත නුගවෙල වෙත චන්දය ප්‍රකාශ කර තිබෙන බව පැහැදිලිය. නමුත් ඔහුට චන්දය ලබා දුන් ලේඛ්ම්වරු තිදෙනා කවුරුද යන්න සොයාගත නොහැකිය. අල්ලස් ලබා ගැනීමද, දීමද වරදකි. රනිල් වික්‍රමසිංහ මහතා දැවැන්ත ප්‍රශ්න ගණනාවකට මුහුණදෙමින් සිටියදී මේ පුද්ගලයන් අල්ලස් ලබා දෙමින් නටන නාඩගම්වලින් තව දුරටත් අයහපත විනා යහපත් උදා නොවේ.

මේ සියල්ලම මෙසේ තිබියදී ප්‍රදීප් නිලංග දෑල මේ සූදානම් වන්නේ ඊ ලග නිලවරණයට වේ. තමන් වෙනුවෙන් චන්දය ලබා ගැනීම සදහා නිලමේවරුන් සිටිය යුතුය. ඔහුට ඊ ලඟ නිලවරණය සුවිශේෂී වේ. මේ වන විට ප්‍රදීප් නිලංග ලාගේ වංචා, දුෂණ මෙන්ම අක්‍රමිකතා හෙළිදරව් වී තිබේ. ඔහුට විරුද්ධව තිබෙන සියලුම චෝදනා විභාග කිරීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණනාවකගේද අවධානය යොමුව තිබේ. ඒ අතරේ ඊ ලග නිලවරණයේදී ඔහුගේ පරාජය සිදු වුවහොත් ඔහුගේ ප්‍රතිවාදියා අනිවාර්යෙන්ම ඔහුට සිදුකර තිබෙන අක්‍රමිකතා සියල්ලම අස්සක් මුල්ලක් නෑරම සොයනු ඇත. මේ වන විට දියවඩන නිලමේවරයාට “ මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී” සේ  වී තිබේ”.

විවිධ චෝදනා සහිත නිලමේවරුන් ආරක්ෂා කරන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරු මෙන්ම අනෙකුත් කොමසාරිස්වරුද නීතියක් නොදන්නා බවත්, තමන්ගේ ආගම බුදු දහම නොවන බවටත් අකාරයෙන් හැසිරෙමින් සිටි. බුදු දහං විනාශවන්නේ රාජ්‍ය සේවකයන් වන බෞද්ධ කටයුතු කොමසාරිස් වැනි ජනරාල්වරුන්ගේද වරදිනි. ප්‍රසාද් දෙනිපිටියට තිබෙන චෝදනා විභාග කලේ නම් ඔහු නැවතත් එහි බස්නායක නිලමේ නොවනු ඇත.

එබැවින් රනිල් ජනධිපතිගේ සුවිශේෂී කතාවට පයින් ගැසූ . බුදු දහමමට නිගා දෙන මෙවන් බෞද්ධශාෂණ කොමසාරිස් ජනරාල්වරු, නිලමේවරු මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරු රාජ්‍ය සේවයේ සිටිනා තාක් කල් රට ගොඩනැගීමට හැකි නොවනු ඇත. කෙසේ වෙතත් දූෂිත යයි චෝදනා ලද පුද්ගලයෙකුට චන්දය ලබා නොදීමට තීරණය කර තිබෙන එම ප්‍රාදේශීය ලේඛ්ම්වරුන් සහ රන්ජිත් දිසානායක මහතා මෙන්ම සිසිර මැණික්දිවෙල යන මහත්වරුන්ද සිදුකර තිබෙන්නේ සුවිශේෂී මෙහෙවරකි.

නව ජනාධිපතිවරයා දැන් කල යුත්තේ ප්‍රථමව ශ්‍රී දළදා මාලිගාව, රුවන්වැලි මහා සෑය ඇතුළු බෞද්ධ විහාර සහ දේවාලවල පැවිදි සහ සිවිල් බාරකරුවන් එකතුව සහ තනි තනිව බුදුදහම විනාශ කිරීමට කර තිබෙන හානීන් සොයා විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂමක් පත් කිරීම සහ රජය ස්ථාවර වූ වහාම පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත්කර මේ සියල්ලම සොයා, මේ සියලුම දෙනාට අවශ්‍ය නිතිය ක්‍රියාත්මක කර දරන තනතුරු වලින් මෙන්ම රාජ්‍ය සේවයෙන් පහ කිරීමයි. එසේ නොමැති නම් පවතින මේ විනාශයට වැඩි වී තව දුරටත් ලේ ගැලීම් වෙමින් මේ ශ්‍රී ලංකාව දිනෙන් දින විනාශයේ අඩියටම යනු ඇත.

හිමාල් ඒකනායක        

Exit mobile version