බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ.
රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මේ හේතුවෙන් ප්‍රතිකාර කටයුතු සඳහා දැඩි බලපෑමක් එල්ල වී ඇති බවය.
වැඩිදුරටත් අදහස් දක්මින් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේ මෙම මස පළමු වනදා සිට රෝහලේ කාර්ය මණ්ඩලයේ 60කට ආසන්න පිරිසකට මෙම වෛරසය වැළඳී ඇති බවත්, ඒ අතර වෛද්‍යවරු 20ට අධික පිරිසක් ද සිටින බවත් ය.