බදු ගෙවන්නන්

2023 වසරේ අලුතින් බදු ගෙවන්නන් 198,253ක් ලියාපදිංචි වී තිබේ.

වාර්තා වන ආකාරයට ඒ බව අනාවරණය වී ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී වේ.

ඒ අනුව මේ වන විට සිටින වයස අවුරුදු 18ට වැඩි බදු ගෙවන්නන් සංඛ්‍යාව මිලියන 16 ක් වන අතර එකතු කළ අගය මත බදු ගෙවීමට සමාගම් 13,000 ක් පමණ ලියාපදිංචි වී ඇතැයි ද, රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවේ අනාවරණය වී තිබේ.

ඉන් විශාල පිරිසක් බදු ගෙවීම පැහැර හරින බැවින් බදු අයකර ගැනීම ක්‍රමවත් කිරීමට, RAMIS ආදායම් කළමනාකරණ පද්ධතිය භාවිතා කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කර තිබේ.

එහෙත් එම පද්ධතියේ තවදුරටත් ගැටළු පවතින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවේ පෙන්වා දී තිබේ.

පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ 2014 වසරේ දෙසැම්බර් සිට 2019 නොවැම්බර් දක්වා කාලය තුළ මෙරට බදු ආදායම 65% කින් ඉහළ ගොස් ඇති බව වේ.

Exit mobile version