සුරා බදු ගෙවීම පැහැර හැරි මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහා නිකුත් කළ බලපත්‍ර අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් මේ වනවිට පැහැර හැර ඇති සුරා බදු මුදල් එම සමාගම්වලින් අයකර ගැනීමේ නියෝගයක් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති බව වාර්තා වේ.
සමාජ ක්‍රියාකාරිකයෙකු වන සංජය මහවත්ත ඇතුළු පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.
එහි වග උත්තරකරුවන් ලෙස සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය, ඇතුළු පිරිසක් නම් කර තිබේ.