බදු බරින් ලංකාව ගිනි ගනිද්දී නව වසරක්!. 2024 , 1970 වේ යුගයට යාවිද!?

දුඟී ජනතාව හිඟන්නන් බවට පත්කරමින්, මධ්‍යම පාන්තිකයන් දුඟියන් බවට පත්කරමින් ධානපතියන් තව දුරටත් ධානපති ගණයේම තබමින්, ලක්ෂ ගණන් වැටුප් සහ දීමනා ලබන්නන්ට ද නොදැනෙන ලෙස වැට් බද්දෙන් බහුතර ජන මනස විකෘති වෙද්දී සහ කුස ගින්නෙන් පෙළෙද්දී ශ්‍රී ලංකාවට ද තව පැය කිහිපයකින් නව අවුරුද්ද උදා වේ.

දුඟියන් හිඟන්නන් වීම සහ මධ්‍යම පාන්තිකයන් දුඟියන් වෙමින් සිටියදී, පනවන ලද නව වැට් බද්ද තව දුරටත් මහජන පීඩාවක් බවට පත්වෙන අතර ශ්‍රී ලාංකිකයන්ගෙන් 95% කටත් වඩා මෙම ආර්ථික ගැටළුවෙන් පීඩා විඳින නමුත් පාලකයන් ජීවිත සමග සෙල්ලම් කිරීම ඛේදනීය තත්වයකි.

නව අවුරුද්දට පය තබන විටම බේකරි ආහාර, බස් ගාස්තු, ජල බිල් ආදි දේ සමග විදුලි සංදේශ ගාස්තුද ඉහල යන බවට මේ වන විටත් නිවේදනය කර අවසන්. කෙසේ නමුත් වැට් බද්දට පෙර දැනෙන නොදැනෙන ලෙස පැනවු බදු ජනතාවට අමතකව තිබේ.

ඒ අනුව තව පැය කිහිපයකින් උදාවෙන 2024 වර්ෂයට ශ්‍රී ලාංකික ජනතාව පය තබන්නේ කිසිදු සතුටකින් නොවේ. ඔවුන්ගේ මනස ව්‍යාකූල වී තිබෙන ප්‍රශ්න කෙසේ විසඳාගන්නේද යන්න තෝරාගත නොහැකිව සිටී.

කෙසේ නමුත් රාජ්‍ය සේවයේ ඉහලින්ම සිටින්නන්ට, මැති ඇමතිවරු ඇතුළු රජයේ මංත්රී මංඩලයට මෙම ගැටළු නොපෙනෙන අතර නව වසරේ හෝ ඉක්මනින් මෙම ගැටළු නොවිසඳන්නේ නම්, මහා විනාශයන් සිදුවීමට අවශ්‍ය ඉඩ කඩ ස්වාභාවිකවම සැලසෙනු ඇත.

සෑම අතකින්ම මහජන ආරක්ෂාව බ්ඳවැටෙමින් සිටින ලංකාවේ වැසියන් ට 2024 වර්ෂය ⁣යනු, 1970 ගණන්වලදී සිරිමාවෝ බංඩාරනායක යුගය මෙන් යුගයක් නැවතත් අත්විඳිමට ලැබිය හැකි වර්ෂයක් බවට පත්විය හැකිය. කෙසේ වුවත් මැතිවරණ ද පැවැත්වෙන බැවින් එම කාලයන්වලදී යම් සහනයක් මහජනතවෙට ලැබෙනු ඇති බවටද විශ්වාස තබා ගත හැකිය

Exit mobile version