අප දකින ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන් වර්ජනය කලේ වැටුප් වැඩි කිරීම් ඉල්ලා පමණි. භාණ්ඩ මිල අඩුකරන ලෙස ඔවුන් කිසිවෙකුත් ඉල්ලන බවක් අප දුටුවේ නැත. වැටුප් වැඩි කරන ලෙස ඉල්ලන ගමනක් ගානේ රජයන් කලේ එම ප්‍රමාණයටත් වඩා බදු වැඩි කර, වැටුප් වැඩි කිරීමයි. රට මෙසේ විනාශවීමට, ඔවුන්ගේ එම රට වනසන පාඨ වලින් රජයන්ට සහනයක් ගෙන දුන් අතර වාසි සගහත විය. ඉන් රාජ්‍ය සේවකයන් ද දිනෙන් දින පිරිහෙමින් පැවතුනු අතර, වැටුප් වැඩි කිරීමෙන් සාමාන්‍ය ජනතාව නොහොත් වැඩ කරන ජනතාව දුක් විදිමින් රාජ්‍ය සේවයට සාප කරන අතර, ඉන් රාජ්‍ය සේවකයාද බංකොලොත් වේ.
මේ වන විට රටේ ජනතාවට සෞඛ්‍ය පහසුකම් නැති තරම්ය. එම ආයතනය සම්පුර්ණයෙන්ම සේ දුෂණය වෙමින් පවතී. ඔවුන්ගේ වැටුප් වැඩි කිරීම් පිළිබඳව මහජන යුතුකම් කේන්ද්‍රයේ සටහනක් පහතින් දැක්වේ.
“ශ්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තීය හා පරිපූරක/ අතුරු වෛද්‍ය වෘත්තිය සමාන වන්නේ කෙසේද ?
වෛද්‍ය වෘත්තිකයන් හා පරිපූරක/ අතුරු වෛද්‍ය වෘත්තිකයන් අතර අධ්‍යාපන මට්ටම් සහ රාජකාරී එක සමානද?
ශ්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තියට විද්‍යා අංශයෙන් ඉහළම ඉසෙඩ් අගය සහිත සීමිත පිරිසක් බඳවා ගන්නා අතර , ඉන් අනතුරුව දන්ත පශු වෛද්‍ය කෘෂිකර්ම ජීව විද්‍යා අංශ වලට පසුව පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තිය සඳහා බඳවා ගනු ලබන හෙයින් වෛද්‍ය වෘත්තිය හා සමාන වන්නේ කෙසේද?
ඇතැම් පරිපූරක සහ අතුරු වෘත්තීන් සඳහා ජීව විද්‍යා නොවන අයවලුන් බඳවාගෙන ඇත.
හෙද වෘත්තියට ජීව විද්‍යා නොවන අයවලුන් බඳවා ගැනීමට හෙදියන් කැමති නැත.
පුහුණු කාලය සමානද ?
වෛද්‍ය වෘත්තිය වසර පහක් සහ සීමාවාසික වසරක් ඇතුළුව වසර හයකට අධික කාලයක් පුරා දිවෙන අතර
පරිපූරක අතුරු:වෛද්‍ය වෘත්තීන් වසර දෙක තුන සහ ඇතැම් විට බෞත චිකිත්සක උපාධිය විශ්ව විද්‍යාල තුළ වසර හතරක් දක්වා කාලය ඇත .
පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තීන්ට වෛද්‍ය වෘත්තීන් හා සමානව වගකීම් තිබේද
කිසිසේත් නොමැත එය අමුතුවෙන් කිව යුතුද නැත
පරිපූරක සහ අතුරු අනිකුත් වෘත්තීන්ට බඳවාගත් දිනයේ සිට පුහුණු කාලයේ පවා වැටුපක්* ලැබෙන අතර වෛද්‍ය ශිෂ්‍යයන්ට එසේ ලැබෙන්නේ නැත
වෛද්‍ය වෘත්තිය රජයේ ඉහළම මණ්ඩලික ශ්‍රේණියේ නිලධාරියෙක් වන අතර පරිපූරක වෛද්‍ය වෘත්තියේ නියුතු අය එසේ වුනේ කවදාදැයි රවි කුමදේශ් පැහැදිලි කළ යුතුව ඇත
වෛද්‍ය වෘත්තියේ අතිකාල දීමනා පවා පැය හතරකට සීමා කර ඇති අතර පැය අටක ශල්‍යකර්මයකදී පවා ගෙවන්නේ පැය හතරක දීමනාවක් පමණි
ඒ අපේ රටේ පමණි වෙනත් රටවල සැත්කමක් සඳහා පවා රුපියල් ලක්ෂ දොළහක පමණ මුදලක් රජය විසින් අදාළ වෛද්‍යවරයාට ගෙවනු ලබයි
ඇතැම් රටවල්වල ශල්‍යකර්ම සිදුකිරීමේදී පවා විශේෂ දීමනාවක් අදාළ වෛද්‍යවරුන් වෙත ගෙවනු ලබයි ඇතැම් විට එය අපේ රටේ වෛද්‍යවරු වර්ෂයකට ලබන වැටුපට හා සමාන වේ
රවි කුමුදේශ්ගේ ගේ තර්කය වෛද්‍යවරුන් හා ඔවුන් සමාන නම් මේ රටේ උසස් පෙළ විභාග තිබීම වැඩක් නැත ඉසඩ්කෝර් ගණනය කිරීම්ද වැඩක් නැත
ඇතමුන් ලේ වර්ගය කිහිපයකට බෙදා අතිකාල දිමනා ලබා ගන්නවා සේ ඒ අනුව වෛද්‍යවරුන්ටද රජයේ කරනු ලබන සෑම ශල්‍යකර්මයකට සහ රෝගීන් බැලීමට වෙනම දීමනාවක් වෛද්‍යවරුන් වෙත ගෙවිය යුතුව ඇත
වෛද්‍යවරුන් දැන් තමන් කරනු ලබන සෑම රාජකාරියකටම වෙනම දීමනාවක් ඉල්ලිය යුතුව ඇත
එවිට එම දීමනා ලබා ගැනීමට රවි රවි කුමුදේශ්ලා සහ phi සංගමයේ සභාපති ඉදිරිපත් වනු ඇත
එවිට රවිකුමදේශ් සහ phi සංගමයේ සභාපතිට ශල්‍යකර්ම කළ හැකිද රෝගීන්ට බෙහෙත් වර්ග නියම කල හැකිද
වෛද්‍ය වෘත්තිය හා සමාන රජයේ වෙනත් මාණ්ඩලික නිලධාරීන්ට මීට පෙර ගෙවනු ලැබූ ප්‍රවාහන දීමනාව මෙන් දස ගුණයක පමණ දීමනාවක් ලබා ගන්නා අතර වෛද්‍යවරුන්ට එය අහිමිව තිබී යම් පමණකින් ඉහළ දැමීමට කටයුතු කල විට රවි කුමුදේශ්ගේ කණ්ඩායම වෛද්‍ය වෘත්තිය හා ඉහළ මාංඩලික නිලධාරීන් හා සම වුණේ කෙසේදැයි පහදා දිය යුතුව ඇත
අරයට දුන්නොත් අපිටත් ඕන ඒත් අරයා හා අපි සමාන වන්නේ කෙසේද?
ඇතැම් පරිපූරක වෛද්‍ය වෘත්තීන්ට බඳවාගත් දිනයේ සිට වැටුප් ලැබෙන අතර, වෛද්‍ය වෘත්තියට බඳවා ගත් දිනයේ සිට වැටුප් ලැබෙන්නේ නැත
අතුරු වෛද්‍ය සේවාවට අයත් වන පවුල් සෞඛ්‍ය නිලධාරීන් හට නම් අනිවාර්යෙන්ම ප්‍රවාහන දීමනාවක් ලබාදී විය යුතුව ඇත
එසේම එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ද ලබා දීම සුදුසුය
මහජන පරීක්ෂක සංගමයේ සභාපති නම් කියන්නේ දොස්තරලාට දෙන සියල්ල වැටුපට සාපේක්ෂව නොව ඒ අයටත් ලබා දිය යුතු බවයි
එසේ කිරීමට පළමුව ඔවුන්ට පුහුණු කාලයේ දී බඳවා ගැනීමේ සිට ගෙවනු ලබන දීමනා අත්හිටවිය යුතුව ඇත
සාපේක්ෂව ඉල්ලුමක් ඔවුන්ට අවශ්‍ය නැති සංගමයේ සභාපති කියන්නේ ය
ඔහු දූරාවලිය කියවා නැති බව පෙනේ
රවී කුමුදේශ්ගේ ඉල්ලීමට අනුව නම් වෛද්‍යවරුන්ට ගෙවන දිමනාව ඔවුන්ටත් ලබා දීය යුතු නම් සියලුම රජයේ සේවකයන්ට අදාළ දීමනාව ලබාදිය යුතුව ඇත
මක්නිසාදයත් ඔවුනුත් රාජකාරියට පැමිණෙන්නේ පොදු වාහන පුද්ගලික වාහන වලිනි
එසේම කුමුදේශගේ අරමුණ වැටුප් වලට වඩා එහා ගිය වෙනත් සැඟවුණු අරමුණක් තිබේද යන්න බරපතල ගැටලුවකි
මක්නිසාදයත් ඔහු පහුගිය යහපාලන සමයේදී රාජිත සේනාරත්න සමඟ එක්ව උසස් පෙළ අසමත් වෛද්‍යවරු බිහිකිරීම වෙනුවෙන් පෙනී සිටි බව අපට මතක ඇත
එසේම විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ වැටුප සියයට 25 කින් වැඩි කළ බව අමතක කර ඇත
සමානයන්ට අසමාන ලෙස සැලකීම වැරදි කටයුත්තකි
එසේම අසමානයන්ට සමාන ලෙස සැලකීමද වැරදි කටයුත්තකි
රවී කුමුදේශ් ඉල්ලන්නේ අසමානයන්ට සමාන ලෙස සැලකීම නොවේද
තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලන්න
එහෙත් අනුන්ගෙන් පානෙන් එළිය නොබලන ලෙස කුමුදේශ්ට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපතිට කාරුණිකව දන්වමි
මහජන යුතුකම් කේන්ද්‍රය”