බන්ඩි පොහොර දිවයිනට.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරන ආකාරයට බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 41,876 රැගත් නෞකාවක් අද (02) රාත්‍රියේ කොලඹ වරායට  පැමිණීමට නියමිතව ඇත.

මහකන්නයේ වී වගාවට අත්‍යාවශ්‍ය පොහොර වර්ගයක් වන මියුරේට් ඔෆ් පොටෑෂ් හෙවත් බන්ඩි පොහොර මෙසේ අද මෙරටට පැමිණිමට නියමිතව ඇත.

එසේම මෙරට දිස්ත්‍රික්ක 8 වෙසෙන අඩු ආදයම්ලාභි පවුල් සදහා ලබාදීමට අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් 9000 රැගත් නෞකාවක් අද (02)කොළඹට පැමිණි අතර මේ වන විට ගොඩබෑමේ කටයුතුද ආරම්භ කර ඇති බව, එක්සත් ජාතීන්ගේ අහාර හා කෘෂිකර්ම සංවිධානය පවසන ලදී.

Exit mobile version