අද (02) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත්තේ ,සුදු ළූණු වංචාවට තමන් සම්බන්ධ බව ඔප්පු කළහොත් සිය දේශපාලන දිවියෙන් සමුගන්නා බවයි.
ඔහු පවසන්නේ මෙම වංචාවට අදාළ පුද්ගලයන් පෑලියගොඩ පොලීසිය මඟින් පරීක්ෂන සඳහා රැගෙන ගොස් ඇති බවත් ඇතැමුන් මේ වන විට බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් කර ඇති බවත් තමන්ට බොරු චෝදනා එල්ල කර ඇති අතර එයට කිසිදු සාධාරණයක් ඉටු කර නොමැති බවත් ය.