බන්ධනාගාරයට දුන් ලක්ෂ 40 ක් අතුරුදහන් වෙලා. හොරට ටිකට් පොතකුත් ගහලා. අල්ලස් පැමිණිලි යට ගිහින්.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතියේ දුෂ්නයට ප්‍රධනතම ගැටලුව වන්නේ එය විවිධ කල්ලි සහ සංවිධනාත්මක අපරාධ කල්ලි විසින් බන්ධනාගාර නිලධාරීන්ට මුදල් සැපයීම සහ එසේ මුදල් ලබා ගන්නා නිලධාරීන් විසින්  මත්ද්‍රවය සහ ඒවා වෙලදාම සඳහා දිරිමත් කිරීමයි. බන්ධනාගාරයන් තුල සාමාන්‍යයෙන් දූෂණයන් සිදුවන්නේ සාධක තුනක් නිසාය. බලහත්කාරය, විවිධ අඩන්තේට්ටම් මෙන්ම නුසුදුසු නිලධාරීන් සහ සිතුවිලිවලට ඉඩ ලබා නොදීම නිසාය.

යම් ආයතනයක දූෂණයක් වංචාවක් හෝ  නිලධාරීයෙකු අල්ලස් ලබාගත් විට පැමිණිලි කිරීමට ලංකාව තුළ තිබෙන්නේ  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවය. ජනතාව එම ආයතනයට බොහෝ ගෞරවාන්විත ලෙස සලකනු ලබන්නේ අපක්ෂපාතී ලෙස කටයුතු කර දූෂිතයන්ට නිසි දඬුවම් නියම කරන නිසාවෙනි . එහෙත් එම ආයතනය තුළට ද බහිරවයින් අරක් ගෙන ඇති බව මෑත කාලයේ සිදු වූ සිදුවීම්වල දී පෙනී ගොස් තිබේ .

බන්ධනාගාරය තුළ සිදුවන දූෂිත ක්‍රියා රැසක් සම්බන්ධව විවිධ අවස්ථාවල දී සිදු කරන ලද පැමිණිලි  ලිපිගොනු මේ වන විටත් කිසිදු විමර්ශනයකින් තොරව අතුරුදන්වීම පිළිබඳව සම්බන්ධයෙන් බන්ධනාගාර අභ්‍යන්තරයේ ලොකු  කතාබහක් ඇතිවී තිබේ. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “ලලිත සිර සර” උත්සවයේ අනුමැතියකින් තොරව ටිකට් මුද්‍රණය කර රුපියල් 5000 සිට 10000 දක්වාම විකිණීම සම්බන්ධව පවතින ලිපිගොනු වලට මේ වන විටත් කිසිදු විමර්ශනයක ප්‍රතිපලයක්  ලැබී තිබෙන බවක් වාර්තා නොවේ.

හිටපු බන්ධනාගාර කටයුතු පිලිබඳව අමාත්‍යංශ ලේකම්වරියක විසින් මෙම ක්‍රියාව අනාවරණය කර තිබේ. එහෙත්  මේ වන විටත් කොමිෂන් සභාව නිහඬ බව වාර්තා වේ. තවත් පෞද්ගලික ආයතනයක් මගින් රුපියල් ලක්ෂ 50ක මුදලක් බන්ධනාගාර ගතවන රැඳවී කාන්තාවන්ගේ දරුවන්ගේ ආරක්ෂාවට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ඉදි කිරීම සදහා ප්‍රධානය කර තිබේ. එම මද්‍යස්ථානය සිවිල් ආරක්ෂක බලකායේ විරුවන්ගේ  ගේ දායකත්වයෙන් ඉදි කරනු ලැබුණි.

නමුත් එහි වියදම ලෙස  බන්ධනාගාර තොරතුරු අනුව වාර්තාවී තිබෙන්නේ  රුපියල් ලක්ෂ දහයකට අඩු මුදලකි. ලැබුණු පරිත්‍යාග මුදලින් ඉතිරි මුදල් වලට සිදු වූයේ කුමක්ද යන්න සෙවීම සඳහා කොමිෂන් සභාව තුළට පැමිණිලි ගිය ද ඒවාට සිදුවුයේ කුමක්දැයි පැහැදිලි නැති බව බන්ධනගාරයට ආදරය කරන අවංක නිලධාරීන් ප්‍රකාශ කරයි. එහෙත් මේ වාර්තා කරනුයේ  ප්‍රධාන කරුණු කිහිපයකි.

එසේම නිරතුරුව චෝදනාවට ලක්වන උසස් නිලධාරියකුගේ හිතවතියක අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ සිටින බැවින් ඇය විසින් නිරතුරුවම මෙම නිලධාරියා ආරක්ෂා කිරීමට බැඳී සිටින්නේ “ඇය විසින් සන්තෝසම්  රැසක් ලබා ගත් නිසා වෙන්”  බවට සක සිතිය හැකිබව බන්ධනාගාර නිළධාරීන් පවසති.

අප සිදුකළ අනාවරණ රැසක සැමවිටම දූෂිත උසස් නිලධාරියකු සම්බන්ධ ව අනාවරණය කළෙමු. ඒ කවුදැයි ඔබට කුතුහලයක් තිබෙන බව අප දනිමු. ඔබ බන්ධනාගාර නිලධාරියකු නම ඔහුව සොයාගැනීමට අප ඉඟියක් ලබා දීම සිදු කරමු. මේ ඒ ඉඟියයි. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ප්‍රදාන දොරටුව විවෘත වූ පසු ඔබට ඉදිරිපස දිස්වෙන්නේ කුඩු ලාලිත හා ඔහුගේ මස්සිනා විසින් තනා ඇති දියඇල්ලකි. ( එයට අනුමැතියක් නොමැත. නමුත් අලංකාරය). එම දිය ඇල්ලේ  වතුර කරාමය විවෘත කිරීමෙන්  පසු ඇල්ලක් ලෙස දිස් වනු වේ. එම ඇල්ලට නමක් දී තිබේ. එම ඇල්ල හදුන්වනු ලබන  නම බන්ධනාගාරයේ දැනට චෝදනාවට ලක්වන උසස්ම නිලධාරියා බව ඔබ තේරුම් ගත යුතුය.  මෙම සියලුම ලිපිගොනු “බහා තැබීමේ” පිළිබඳව බන්ධනාගාරයේ දූෂිත නොවන අවංක නිලධාරීන්වත් සොයා බැලිය යුතුය.  නමුත් ගැටලුව නම් දූෂිතයන් රඟද්දී ඒ චෞර රැල්ල රාජ්‍ය සේවයේ දූෂිතයන් සමග බන්ධනය වෙද්දී දූෂිත නොවන නිලධාරීන්ට පසෙකට වී සිටීමට සිදුව තිබේ.  

තවත් බන්ධනාගාර පුවතක්… වීඩියෝ සහිතව බලාපොරොත්තුවන්න.

Exit mobile version