බන්ධනාගාරයෙත් වැඩ පෙන්වන තිලිණි ප්‍රියමාලි.

මූල්‍ය වංචාවක් ‌හේතුවෙන් පසුගිය දා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද තිලිණි ප්‍රියමාලි සතුව තිබී ජංගම දුරකථනයක් පසුගිය දා බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

මේ වන විට අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව තිලිණි ප්‍රියමාලි විසින් රු.50,000ක මුදලක් සිර මැදිරියේ සිටි කාන්තා රැඳවියකට ලබාදෙන  බව පවසමින් මෙම ජංගම දුරකථනය ලබාගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් මේ වන විට එම කාන්තා රැඳවියට ද ජංගම දුරකථනයක් හමු වූයේ කෙසේද යන්න පිළිබදව ද මූලික විමර්ශන කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

Exit mobile version