බන්ධනාගාරයේ දූෂිත නිලධාරීන් කැළඹිලා. “ශ්‍රී රාවණා පුවත්” අනාවරණයෙන් පසු බන්ධනාගාර නිලධාරීන් මැති ඇමති වන්දනාවක.

“රාවණා” යයි කියූ පමනින් අපට මැවෙන චිත්‍රයක්, රූපකයක් සහ ගාම්භීර බවක්ද දේශයට ආදරය කරන අයුක්තියට, අසාධාරණයට එරෙහි වූ මිනිසුන්ගේ මනසෙහි තැන්පත්ව තිබේ. රාවණ නිරිඳුන්ගේ බලපරාක්‍රමය සහ එම නාමයට ලොවක් ගරු කිරීමට හේතුව වන්නේ ඔහුගේ මානව හිතවාදී ගති ලක්ෂණ, දැනුම සහ පාලනයේ තිබු ව්‍යක්ත බව මෙන්ම දේශයට තිබු දැඩි ඇල්මයි. එසේම වැරදි කරුවාටද සමාව දෙමින් ඔහු දේශමාමක මිනිසෙකු කිරීමේ අපූරු දර්ශනයයි. රාවණා නොහොත් මහා රාවණා ඉතිහාසය කියවන ඕනෑම පුද්ගලයෙකුට හිතට දැනෙන ප්‍රමුඛතම සිතිවිල්ල වනුයේ ශ්‍රී ලංකාව නගා සිටුවීමට තිබෙන වර්තමානයට ගැලපෙන හොදම පාලන දර්ශනය තිබෙන්නේ මහා රාවණා රාජ්‍ය පාලනය තුල බවයි. එය ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයට, ඕනෑම ආයතනයකට මෙන්ම නිවෙස් පාලනයටද තමන් අදහන ආගම සමග එකතු කරගෙන දැවැන්ත සාර්ථක ජීවන පැවැත්මක් ඇතිකර ගත හැකිය.    

රාවණ රජුට ක්ෂේත්‍ර දහයක් පිළිබඳ පරතෙරට ගිය ඥානයක් පැවති බැවින් හිස් දහයක බලය සහිත යන අරුතින් ‘දසිස් රාවණ’ නාමය යෙදේ. ඔහු සතු ඥානයන් ලෙස විවිධ භාෂා ඥානය, යුක්තිය, සාධාරණය මැනවින් වටහාගෙන තීරණ ගැනීමේ නීති ඥානය, සියලු ශක්තිය උපයෝගි කරගත් දැක්මක් සහිත, දර්ශනය පිළිබඳ ඥානය, දසරාජ ධර්මවලට අනුව ධාර්මිකව පාලනය කිරීමේ පාලන ඥානය, භෞතික විද්‍යා පිළිබඳ තාක්ෂණ ඥානය, ඇසට පෙනෙන්නා වූ ද නොපෙනෙන්නාවූ ද සත්ත්වයන් දැකීමේ ආත්මභාව ඥානය, නැකැත් හා තරු පිළිබඳ ජ්‍යෝතිෂ්‍ය ඥානය, ආයුර්වේදය සහ රස විද්‍යාව පිළිබඳ පරතෙරට ගිය වෛද්‍ය ඥානය, අහස, පොළොව, සයුර පිළිබඳ පාලනයෙහි අවශ්‍ය යුද ශිල්ප ඥානය, ශිව තාණ්ඩව ස්තෝත්‍ර නැටුම් හා බෙර වැයුම් ඇතුළු සංගීතය පිළිබඳ ඥානයන් ඇතුලත්ය. අප මාධ්‍ය ආයතනයේ ඉලක්කය වන්නේද ජනාධිපතිවරයාගේ සිට පහලට සියලුම දෙනාට එවැනි යහපත් පාලනයක් ඇති කරීමට අවශ්‍ය දැනුම, හැකියාවන් මෙන්ම ආකල්ප ඇති කරගැනීමට බල කිරීම සහ පෙළඹවීයි. ඒ හැර කිසිම ආකාරයකින් කිසිම පුද්ගලයෙක් සමග තරහවක් හෝ වෛරයක් අප සතුව නැත. අප වැසියන් ලෙස බන්ධනාගාරයෙන් මෙන්ම පලකරන සියලුම ලිපිවලින් බලාපොරොත්තු වන්නේද යහපත් නීත්‍යානුකූල සාධාරණ පාලනයක් මෙන්ම යහපත් මිනිසුන් නිර්මාණය කිරීමක් පමණි. එසේ නොමැතිව වටේ යාමෙන් සිදුවන්නේ තව දුරටත් ඔවුන්ම පැටලෙන එක පමණි.

ශ්‍රී රාවනා  පුවත් අනාවරණයෙන් පසු බන්ධනාගාර දූෂිත උසස් නිලධාරීන් කිහිපදෙනකු කලබල වී ඇති බව වාර්තාවෙයි. ඔවුන් මේ වනවිට අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් හමුවට ගොස් මෙම පළවන පුවත් අසත්‍ය බව හුවා දැක්වීමට දැඩි වෙහෙසක් ගනු ලබන බවද වාර්තාවෙයි. කෙසේ වෙතත් තමන් නිවැරදි නම් එසේ ඇමති වන්දනාවේ යා යුතු නොවේ. කෙසේ වෙතත් අප වාර්තා කරන්නේ මහජනතාවගේ ආයතන ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අතර බන්ධනගාර දෙපාර්තමේන්තුව යනු දූෂිත නිලධාරීන්ගේ බුදලයක් නොවේ.

කෙසේ වෙතත් විශ්‍රාමික ආරක්ෂක අංශ ප්‍රධානියකු සහ නැවක් සහිත අතක රැකවරණය ගෙන මොවුන් මේ දිනවල ආණ්ඩු පක්ෂයේ ඇමති වන්දනාවක ද යෙදුණු ලබන්නේ උසස්වීම් ලබාගැනීමට ඇති අවස්ථාවක් ඉදිරියේ දී එන නිසාවෙන් බව ද පැවසේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය විනාශ වුයේම දේශපාලනඥයන් පසුපස ගොස් උසස්වීම් සහ අනෙකුත් වරප්‍රසාද ගන්නා දූෂිත නිලධාරීන් නිසාමය.

කෙසේ වෙතත් කල යුත්ත සහ නොකළ යුත්ත පිලිබඳව පටලවා ගැනීම නොකර කල යුත්තේ අප සැලකරන විද්‍යාත්මක නිර්දේශයන් ඔස්සේ ඒ ඒ අඩුපාඩු නිවැරදි කර ගැනීමයි. එසේ නොකර තම වැරදි වසා ගැනීමට දේශපාලන වන්දනාවේ යාමෙන් සිදුවන්නේ බන්ධනාගරයේ සිය ගනනක් වන තොරතුරු ලිවීමටයි. කෙසේ වෙතත්  තුෂාර උපුල්දෙනිය යනු තරුණ දක්ෂ නිලධාරියකි. ඔහු රටට සේවයක් කිරීමට මහත් ඕනෑකමක් තිබෙන බවද දක්නට තිබේ. රටේ ජනතාව දියවන්නා බංගලාවේ සිටින වයස්ගත වූවන් එපා කියන්නේ රාජ්‍ය සේවයේ දූෂණ සහ වංචා පිලිබඳව නොදන්නා නිසාය.  දියවන්නා වේ සැපෙන් සිටින වැඩිහිටි මැති ඇමැතිවරුද මේ රටට කල දෙයක් නැත. ඒ ආකාරයෙන්ම බන්ධනාගාරය දූෂණය කරන දූෂිත වැඩිහිටි නිලධාරීන් වෙනුවට නවතම පරපුරක් නිර්මාණය කිරීමට කාලය පැමිණ තිබේ.

කෙසේ නමුත් ඔවුන් සිදුකළ දූෂිත කටයුතු වලට දඬුවම් ද ලබා දිය යුතුය. අල්ලස් කොමිසමේ සෑහෙන කාලයක් තිස්සේ තිබෙන බන්ධනාගාර පැමිණිලි ලිපි ගොනු  මැති නොවන්නේ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවද අල්ලසට යට වී තිබෙන්නේද යන්න සැක සංකා මතුකරයි.

අප මීට පෙර පාතාලයන් සමග ඩුබායි රටේ සාද දැමූ දූෂිත බන්ධනගාර නිලධාරියෙකු ගැන අනාවරණය කර තිබේ . ඔහුව කවුදැයි යන්න හඳුනා ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතු වගකීමකි.  එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරී කරන බන්ධනාගාර ප්‍රධානියෙකුගේ සොයුරෙකු විසින් එම දූෂිත කටයුත්තේ ලිපි යොමු අස්ථාන කරගත ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. මාකදුරේ මදුෂ් මිය ගියත් ඔහුට සහාය දුන් දූෂිත නිලධාරින් තවමත් නිදැල්ලේ සැරි සැරීමට ඉඩ ලබා දීමෙන් කිසිම දිනයක අපට නම් යහපතක් සිදු නොවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතාමත් දක්ෂ නිලධාරීන් සිටින  ආයතනයකි. ජනාධිපති මන්දිරයේ වැසිකිළියට ගිය අයත් පැය කිහිපයක් තුළ දී අත්අඩංගුවට ගැනීමට අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව බොහෝ  කාර්යශීලී වී තිබේ

නමුත් මදුෂ් සමග සබඳකම් තිබු බව කියවෙන මදුෂ්ගේ නිලලත් රාජකීය ගෝලයා සම්බන්ධව සෙවීමට ඔවුනට  නොහැකිව ඇත. අප සිතන අයුරින් ඔවුන් ක්‍රමවේදය නොදන්නවා විය හැක.  (චෝදනා එල්ල වන දූෂිත යාගේ විදෙස් ගමන් බල පතේ අංකය ආගමන විගමන පාලකට ලබාදුනහොත්තොරතුරු සොයා ගැනීමට  විනාඩියක්වත් ගත නොවන සුළු  වැඩකි). කෙසේ වෙතත් යාළුකම නොහොත් රාජ්‍ය සේවයේ මාෆියාව ඉහලින්ම තිබේ . බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම විමර්ශන ලිපිගොනුද දූශිතයන් විසින් සැඟවීමට කටයුතු කර තිබේද යන්න සැක සහිත බවයි.

ඒ අනුව අපාරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අවධානය මේ වෙත යොමු විය යුතුය.

Exit mobile version