බන්ධනාගාරයේ රාජ්‍ය ත්‍රස්තවාදය. අල්ලසට එරෙහි වූ කොමසාරිස්.

සාමාන්‍ය ජනතාව අතර භීතිමත් වාතාවරණයක් ඇති කරමින් එමඟින් දේශපාලන අරමුණක් ඇති කරගැනීම බොහෝ විට දක්නට ලැබේ. ලෝක ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී ත්‍රස්තවාදීන් ලෙස දක්ෂිණාංශික සහ වාමාංශික අරමුණු සහිත දේශපාලන සංවිධාන, ජාතිකවාදී සහ ආගමික කණ්ඩායම්, විප්ලවවාදීන් සහ හමුදාවන්, ඔත්තු සේවා සහ පොලිසිය වැනි රාජ්‍ය ආයතන විසින් පවා කටයුතු කර තිබේ.

ත්‍රස්තවාදයේ නිර්වචන බොහෝ විට සංකීර්ණ මෙන්ම මතබේදාත්මක වී තිබේ. ත්‍රස්තවාදයේ ආවේනික රුදුරු බව සහ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් එහි ජනප්‍රියතත්වය නිසා දැඩි අපකීර්තියක් වර්ධනය කර තිබේ. එම වචනය ඇසෙන විටම මනසට දැනෙන්නේ භීතියකි. ප්‍රංශ විප්ලවයේදී විප්ලවවාදීන් තම විරුද්ධවාදීන්ට එරෙහිව භාවිතා කල භීෂණය නිර්මාණය කර තිබෙන්නේ 1790 ගණන්වලදීය.  මැක්සිමිලියන් රෝබෙස්පියර්ගේ ජාකොබින් පක්ෂය සමුහ ඝාතනයන් ඇතුලත් ත්‍රස්තවාදී පාලනයක් ගෙන ගියේය.

කෙසේ වෙතත් ත්‍රස්තවාදය යනු කුමක්දැයි ලෝකයේ සියලුම අධිකරණ මගින් නීත්‍යානුකූලව අර්ථ දක්වා තිබෙන බවක් දක්නට නැත. කෙසේ නමුත් පවතින ප්‍රඥප්ති වලින් දක්නට ලැබෙන ආකාරයට ත්‍රස්තවාදය තුලින් ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම හෝ තර්ජනය කිරීම සම්බන්ධ වන අතර එය සෘජු වින්ධිතයන් තුල පමණක් නොව පුළුල් ප්‍රේක්ෂකයන් අතරද භීතිය ඇතිකිරීමට උත්සාහ කරයි. ත්‍රස්තවාදය, ගරිල්ලා, සම්ප්‍රධායික හමුදා මේ සියල්ලම ක්‍රියත්මක වන්නේ එකම ඉලක්කයකට නමුත් ප්‍රතිවිරුද්ධවය. ( උදා – වියට්නාමයේ වියට් කොන්ග්‍රසය සහ කාම්බෝජයේ කෙමරූජ්). එසේම බොහෝ සමාජ විද්‍යාඥයන් හදුන්වන්නේ “ගරිල්ලා යුද්ධය” යනු “දුර්වලයාගේ ආයුධය” ලෙසත් සහ “ත්‍රස්තවාදය” යනු “ දුර්වලයාගේ අවිය” ලෙසත්ය.  

එසේම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් තුල බලවත් මෙන්ම සාධාරණ නීති පද්ධතියක් තිබුනත් ජාතික ඉලක්කයක් සහ ජාතික ප්‍රතිපත්තියක් නොමැති වූ විට ලැබෙන අවසන් ප්‍රතිපලය නම් අප ඉහතින් සඳහන් කල ආකාරයෙන් රාජ්‍ය සේවය තුලද ත්‍රස්තවාදීන් සහ ඒ හා සම්බන්ධව විග්‍රහ කල හැකි කණ්ඩායම් බිහි වේ. අපගේ මෙම වාර්තාවට පදනම් වන්නේ  බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජෙනරාල් තුසිත උඩුවර විසින් ගිනි  අවියක්  හිසට තබා  ජේලර්වරුන් දෙදෙනෙකුට තර්ජනය කිරීමක් පිළිබඳව සාක්ෂි සහිතව අපි අනාවරණය හා සම්බන්ධවයි. අප ඉහතින් සඳහන් කල විද්‍යානුකූල සහ නීතිමය වශයෙන් පිළිගත් ත්‍රස්තවාදීන් රාජ්‍ය සේවය තුලද සිටින බව සහ එය පිළිගත යුත්තේ අපගේ ක්‍රමයට නොව ලෝකයේ ඉගැන්වීම් මතයි.

බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජෙනරාල් තුසිත උඩුවරගේ එම ක්‍රියාවලිය පිලිබඳව අප හෙළිදරව් කළා සේම ඒ පිලිබඳව ඔහුගේ අදහසටද අපගේ ඉඩ වෙන් කර තිබේ. අප ඉහතින් සදහන් කල ආකාරයට එය ත්‍රස්ත ක්‍රියාවකි. එම ත්‍රස්ත ක්‍රියාව පිලිබඳව තව දුරටත්  අනාවරණය පැහැදිලි කිරීමක් කිරීමට අපගේ යුතුකම මෙන්ම වගකීම වේ.

සාමාන්‍ය ආකාරයට පහල නිලධාරීන් යොදන සටහන් ඉහල නිලධාරින් පරික්ෂා කල යුතුය. බන්ධනාගාර වලද එසේමය. ගේට්ටු සටහන් පොතේ නිලධාරියකු ඕනෑම සිදුවීමක් යෙදු පසු බන්ධනාගාරය භාරව සිටින ජේලර්වරයා ඒ පිළිබඳව සටහනක් යොදා එය අධිකාරිවරයාට යොමු කළ යුතුය.  පසුව එම සටහන සම්බන්දව  අධිකාරිවරයා ඒ පිළිබඳවගත් තීරණය හෝ ක්‍රියාමාර්ගය පිළිබඳව සටහනක් තැබිය යුතුය. අප අනාවරණය කල එම සිද්ධිය පිලිබදව පරික්ෂා කර තීරණය ගත යුතුව තිබුනේ  කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරි රජිව් මහතා සහ ප්‍රධාන ජේලර්වරයා වුවත් ඔවුන් එහි සටහන් යොදා නොමැති බව අප වෙත වාර්තා වෙයි. කෙසේ වෙතත් එසේ නොවේ නම් ඒ පිලිබදව පිළිතුරු දීමට අපගේ වෙබ් අඩවියේ ඉඩ වෙන්කර තිබේ.

තුවක්කුවක් ඔලුවට තැබීම වැනි සමස්ත බන්ධනාගරයම භීතියට පත් කල එවැනි ත්‍රස්ත ක්‍රියාවක් සම්බන්ධව බන්ධනාගාර අධිකාරිවරයා විමර්ශනයක් සිදු නොකිරීමට සටහන් නොදීමට හේතුව කුමක්ද?. ඉන් හැඟවෙන්නේ සහ පිළිගැනීමට සිදුවන්නේ ඔවුන් සියල්ලෝම එකම ත්‍රස්ත කණ්ඩායමක සාමාජිකයන් බවයි. කෙසේ වෙතත් චෝදනාවට ලක්වන බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජෙනරාල් තුසිත උඩුවර විසින් බන්ධනාගර අධිකාරී රජිව් වෙත දැඩි බලපෑමක් එල්ල කර තිබෙන බව ද කියැවේ.

එසේම බන්ධනාගාරයේ සේවය කරමින් මහජන අවශ්‍යතා ඉටුකරනු වෙනුවට ත්‍රස්ත ක්‍රියාකාරකම් වල යෙදෙන එම ත්‍රස්ත කල්ලිය මගින් මේ වන විට එම නිලධාරීන් දෙදෙනා  හට පොලිසියකට  යාමටවත්  නොහැකිව  ඇත්තේ ඔවුන්ගේ ජීවිතවලට තර්ජන රැසක් එල්ල වී ඇති නිසාවෙන් බව ද කියැවේ. ඔවුන් කෙසේ පැවසුවත් නීතියට අනුව පොලිසියකට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර නීතියේ පිළිසරණ පැතීමට අදාළ නිලධාරීන් කටයුතු කල යුතුමය. එය නීතිය වන අතර ඔවුන් එසේ නොකරන්නේ නම් එයද නීතිමය ගැටලුවකි. ඔවුන් සුරැකීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතාගේ දැඩි වගකීමක් වේ. කෙසේ වෙතත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය යනු අවංක නිලධාරියෙකු බව බන්ධනාගාර නිලධාරීන් ඉහලින්ම පිළිගනී. උරුලෑවන් ගිය මග පිරිසිදු කිරීම ලෙහෙසි පහසු කටයුත්තක්ද නොවනු ඇත.

 ඔහු හොද නිලධාරියෙකු ලෙස සඳහන් වන හේතුව වන්නේ මහර බන්ධනාගාරයේ අධිකාරි ලෙස කටයුතු කරන අතරතුර වූ සිදුවීමකි.  ලංකාවේ ඕනෑම බන්ධනාගාරයක අධිකාරීවරයාට හෝ ප්‍රධාන ජේලර් වරයාට  බන්ධනාගාර කැන්ටිමෙන් සුළු මුදලක්  මාසිකව සන්තෝසමක් ලෙස ලබාදීම සිදුකරයි. එම පුරුද්දට තුෂාර උපුල්දෙනිය හට එම අවධියේ  ආපන ශාලාව මෙහෙය වූ පුද්ගලයා   රුපියල් 25,000 ක මුදලක් ලබාදී තිබේ. සිනාමුසු මුහුණෙන් එම මුදල ලබා ගත් තුෂාර උපුල්දෙණිය  ආපන ශාලා හිමිකරුට  නැවත එම මුදල ලබා දී  පවසා ඇත්තේ තමා  එම බන්ධනාගාරයේ සිටින තාක්කල් තවත් එම මුදලට රුපියල් විසිපන්දාහක් එකතු කර රුපියල් පනස් දහසක් බැගින් මාසිකව බන්ධනාගාර නිලධාරීන්ගේ ක්‍රීඩා අරමුදලට බැර කරන ලෙසටයි. වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුණු අල්ලස් දීමට ගිය පුද්ගලයා තුෂාර උපුල් තනතුරේ සිටිනතුරුම  එම මුදල් එම අරමුදලට බැර කර ඇත. එම කතාවෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනියගේ   අවංක භාවය මනාව විදහා පා තිබේ.

දැන් පෙනෙන්නේ පහළින් සිටින  දූෂිත නිලදාරීන්ගේ ත්‍රස්තවාදී වැඩ කටයුතු නිසා   උගත්කමින් සපිරුණු නිලධාරියෙකුගේ නාමයටද කැල්ලක් ඇති වීමයි. එයට වගකිව යුත්තේ දූෂිතයන්ට උදව් කරන්න නැව් සහිත අත් සහ දූෂිත දේශපාලඥයන් බව සියලුම තතු දන්නා නිළධාරීන් පවසති. තුෂාර උපුල්දෙණිය හට  බන්ධනාගාර පද්ධතිය තුළ රාජකාරියක්  සිදුකිරීමට අවංක චේතනාවක් තිබේ. ඔහුට එයට අවශ්‍ය වෘත්තිය දැනුම ද පොතපත දැනුම ද බොහොමයකි. උපුල් දෙනියගෙන් ගෙන් වැඩ ගැනීමට පහළින් සිටින දූෂිතයන්ගෙන් බාදා කරන්නේ නම්  ඔවුන් සිරකරුවන් බවට පත් කළ යුතුය. ඉගැන්වීම් වලට අනුව ඔවුන් ත්‍රස්තවාදීන් නම් ඔවුන්ට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම, අපරාධ චෝදනා යටතේ පොලිසියට භාරදීම කොමසාරිස් ජනරාල්ගේ වගකීම වේ.

Exit mobile version